යොවුන් ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ ජපානය සමඟ පැවැත්වෙන තරගයේ ලකුණු 192ක් රැස්කරගැනීමට විරාන් චමුදිත සමත් විය.
එය යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයක ක්‍රීඩකයෙක් රැසක් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීමත් විශේෂත්වයකි.
විරාන් චමුදිත පන්දු 143ක් තුළ හතරේ පහරවල් 26ක් සහ එක් හයේ පහරක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව රැස්කරගත්තේය.
ඔහු සහ දිමන්ත මහවිතාන පළමු කඩුල්ල සඳහා ලකුණු 328ක් එක් කළහ.
යොවුන් එක්දින ක්‍රිකට් පිටියේ ඕනෑම කඩුල්ලක් සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයවීමත් විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනූ ජපාන කණ්ඩායමේ ආරාධනවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04 දැවි ලකුණු 387ක් රැස්කරගත්තහ.
එහිදී දිමන්ත මහවිතාන ලකුණු 115ක් ලබාගැනීමට සමත් විය.

