2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'බී' කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මහා සංග්‍රාමය අද (16) රාත්‍රී 07.00ට මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.
දැනටමත් අයර්ලන්තය සහ ඕමානය පරාජය කරමින් කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම, අද තරගය ජයග්‍රහණය කළහොත් නිල වශයෙන්ම 'සුපිරි 08 දෙනාගේ' (Super 8) වටයට සුදුසුකම් ලබා ගනු ඇත.
මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලද අමිහිරි පරාජය නිසා ඔස්ට්‍රේලියාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පසුබැස ඇති අතර, ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යෑමට නම් අද තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක ගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මිචල් මාර්ෂ් විසින් මෙහෙයවනු ලබන අතර, ආබාධයකින් පසුව ඔහු නැවතත් කණ්ඩායම සමග එක්වීම ඔවුන්ට විශාල ශක්තියක් බව ක්‍රිකට් විශ්ලේෂකයෝ පවසති.

