ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ලංකාවේ සියලු ජාතීන් ගේ ආගමයි. මෙම ක්‍රිකට් ක්‍රීඩාව දැන් වළපල්ලට ගොස් ඇති බව පැහැදිලිව කිව යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් යනු රාජපක්ෂලාගේ දේශපාලනය මෙන්ම පවුල් සංස්ථාවකට බදුගත් සමාගමකි.
ශම්මි සිල්වා නම් රූකඩය
ශ්‍රීලංකා ක්‍රිකට් සභාපති තනතුරට කෙනෙකු පත්වන්නේ දිවයින පුරා ඇති ක්‍රිකට් සමාජ නියෝජිතයින් ගේ නිලවරණයෙනි.ලංකාවේ දේවාලවල සහ දළදා මාලිගාවේ නිලමෙලා තෝරන ඡන්දය මෙන්ම මෙම ඡන්දයද අන්ත දූෂිතය. දශක ගාණනාවක සිට තිලංග සුමතිපාල මෙම ඡන්දය සඳහා සියලු ක්‍රිකට් සමාජ නියෝජිතයින් අල්ලසට යට කර ගෙන සිටී. ලංකාවේ නීතියෙන් ඔට්ටු සහ සුදු ව්‍යාපාරිකයින්ට මෙම තනතුරු තහනම් කළ විට තිලංග සුමතිපාල තමන් ගේ මස්සිනා මෙම දුෂිත ක්‍රිකට් සමාජ නියෝජිතයින් මාර්ගයෙන් ක්‍රිකට් සභාපති බවට පත් කළේය. සත්‍ය ලෙසම ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල වන අතර ශම්මි සිල්වා රූකඩයක් පමණි.
ලෝක ක්‍රිකට් සංගමය ද දුෂිත ය
ක්‍රිකට්වලින් හොයන අයථා සල්ලි ක්‍රිකට් සමාජ නියෝජිතයින් වෙත යන බැවින් කිසිදා තිලංග සුමතිපාලට පවුලෙන් හැර වෙන කිසිවකු ක්‍රිකට් සඳහා සභාපති කළ නොහැකි ය. දැන් නැගෙන ජනතා විරෝධය හමුවේ ශම්මි සිල්වා ඉවත් වුව ද නැවත පත්වන්නේ තිලංග සුමතිපාල ගේ පවුලේ ඥාතියෙක් පමණි. පත් කරන ක්‍රම වේදය වෙනස් කිරීමට යාමේ දී දුෂිත තිලංගලාට ශම්මිලාට ලෝක ක්‍රිකට් සංගමයේ දුෂිත සභාපති ගෙන් සහයෝගය ලැබෙන බැවින් ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීම් ආදී තර්ජනවලින් ඔවුනට එය වැළක්විය හැකිය.දැන් තත්වය අනුව ක්‍රිකට් කළමනාකරණය වෙනස් කිරීම දෙවියන්ටවත් බැරිය. කළ හැකි එකම දෙය දුෂිත තිලංගලා ශම්මිලාට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට බලපෑම් කිරීම පමණි.
''ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීමට තේරීම් කමිටුවක් තිබිය යුතු ය.'' එය ද බොරුවකි. තිලංගට අවශ්‍ය ක්‍රීඩකයින් පමණක් ලංකාවේ ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව හිමිවේ. ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළත් වීමටනම් දූෂිත ක්‍රිකට් සමාජයකට ක්‍රීඩා කිරීම අනිවාර්ය වේ. දූෂිත ක්‍රිකට් සමාජයකට ගමේ දක්ෂ දුප්පත් කොල්ලෙකුට ඇතුළත් විය නොහැකිය. එසේනම් කල යුත්තේ කුමක්ද?
මලල ක්‍රීඩාව වගේ ද ක්‍රිකට්...?
ලංකාවේ කෙටිදුර ධාවන ක්‍රීඩකයකු කෝ ක්‍රීඩිකාවකට මෙම දුෂිත ක්‍රිකට් ක්‍රම වේදය අනුව ජාතික නියෝජනය කිරීම දුෂිත ක්‍රීඩා සමාජයක් හරහා කිරීමට සිදුවූවා නම් කෙතරම් වේගයෙන් දිවුවත්, එසේත් නැතිනම් ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වීමේ හැකියාව ඇතත් අවස්ථාව නොලැබේ. මන්ද එම අවස්ථාව ලැබී යන්නේ කමිටුවෙන් තෝරන ක්‍රීඩක හෝ ක්‍රීඩිකාවන්ට පමණි. මෙය ඉතා සරල උදාහරණයකි.
නමුත් ලංකාවේ මළල ක්‍රීඩාවලදී ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකට අවශ්‍ය වන්නේ දක්ෂතාව පමණයි. දුප්පතබව සමාජ තත්ත්වය හෝ වෙනත් කිසිදු දෙයක් එහි දී බල නොපායි. හේතුව මළල ක්‍රීඩාව තුළ තේරීම් කමිටු නැත. ඇත්තේ KPI (KEY PERFORMANCE INDICATORS )පමණි. එනිසා ඔවුන්ට ජාතික තලයේ අවස්ථා අනිවාර්යෙන් හිමිවේ.
දැන් අප මෙය ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගතහොත් උදාහරණයකට ලංකාවේ 2025 වසරේ පාසල් මට්ටමෙන් වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයාට ලංකාවේ ජාතික කණඩායමේ අවස්ථාවක් හිමි විය යුතු ය. එපමණක් නොව ලංකාවේ 2025 වසරේ පාසල් මට්ටමෙන් වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නාට ද අවස්ථාවක් අනිවාර්යෙන් ජාතික කණ්ඩායම තුළ ලැබිය යුතු ය. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ නම් දුප්පත් අසරණ නමුත් අතිදක්ෂ පාසල් ක්‍රීඩකයන්ටත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩකඩ ලැබේ. මේ සදහා තේරීම් කමිටු අවශ්‍ය නැත.
ජාතික කණ්ඩායමේ සිටිය යුත්තේ මාස් පඩිකාරයින් ද...?
ජාතික කණ්ඩායමේ සිටිය යුත්තේ මාසික පඩි ගන්න ලොන්තයන් නොව තුන් මාසික KPI (KEY PERFORMANCE INDICATORS) අනුව ලබා ගන්නා කඩුලු ප්‍රමාණය, ලබා දෙන ලකුණු සාමාන්‍යය, ලබා ගන්නා ලකුණු ප්‍රමාණය සහ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ආදී ලෙස වර්ගීකරණය අනුව ක්‍රීඩකයා ගේ performance අනුව මාසික පඩිය තීරණය විය යුතුය. KEY PERFORMANCE INDICATORSවලට අනුව ක්‍රීඩකයා දුර්වල වන විට ලැබෙන පඩිය අඩු විය යුතු ය. බින්දු කෙතරම් ගැසුවත් මිලියන ගණන් ලැබෙන පඩි ක්‍රමය ඉවත් කළ යුතුය. මෙම KPI ක්‍රමය මගින් ක්‍රීඩකයාට අනිවාර්යයෙන් ලකුණු අතර සිටීමටත් කඩුලු ගැනීමටත් සිදුවේ. මෙය වෘත්තීය තරඟකාරීත්වයක් ඇති කිරීමේ ක්‍රම වේදයකි. නවකයින්ට අවස්ථා ලැබෙන ක්‍රම වේදයකි.
රටේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක,
ඔබේ මිතුරු ශම්මි සිල්වාට ක්‍රීඩකයින් තේරීමේ දී KPI KEY PERFORMANCE INDICATORS ක්‍රමවේදය භාවිත කිරීමට ඔබ බල කළ යුතු ය. ඔබ ද රටේ ඇමතිවරුන් ගේ සහ ලේකම් වරුන් ගේ සහ නිලධාරීන් ගේ දක්ෂතා සෑම තුන් මාසිකව KPI (KEY PERFORMANCE INDICATORS) බලා වැඩ බැරිදාසලා අයින් කරන්නේ නම් ඔබේ අනාගතයක් සුරක්ෂිත වනු ඇත.
ජනාධිපතිතුමනි, මෙයින් ඔබටත් පුද්ගලිකව ඔබේ ප්‍රගතිය ද මැන බැලිය හැකිය.
මීට ජන මිත්‍ර

