2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මක වන පරිදි, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට (Transgender Women) කාන්තා අංශයේ තරග සඳහා සහභාගී වීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් තහනම් කර තිබේ.
මෙම නව තීරණයට අනුව, මින් ඉදිරියට ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී විය හැක්කේ උපතින්ම කාන්තාවන් වූ (Biological Females) ක්‍රීඩිකාවන්ට පමණි.
ට්‍රම්ප්ගේ විධායක නියෝගය සහ ඔලිම්පික් තීරණය
කාන්තා ක්‍රීඩාවල අනන්‍යතාවය සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගය මෙම තීරණයට ප්‍රබල බලපෑමක් වී තිබේ. ඔහු බලයට පත් වූ වහාම කාන්තා ක්‍රීඩා සඳහා සංක්‍රාන්ති ලිංගිකයන් සහභාගී වීම වළක්වන නියෝගයකට අත්සන් තැබීය.
නව ස්ත්‍රී-පුරුෂ භාවය පරීක්ෂාව
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව ප්‍රතිපත්තියට අනුව ක්‍රීඩිකාවන්ගේ ජෛව විද්‍යාත්මක කාන්තා භාවය තහවුරු කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත:
කේඨය (Saliva) හෝ රුධිර සාම්පලයක් මඟින් සිදු කරන ඩීඑන්ඒ පරීක්ෂණයකින් ක්‍රීඩිකාවකගේ ස්ත්‍රී භාවය එක් වරක් පමණක් තහවුරු කළ යුතුය.
මීට පෙර ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝන මට්ටම පාලනය කිරීමේ කොන්දේසිය මත සංක්‍රාන්ති ලිංගිකයන්ට ලබා දී තිබූ අවසරය මින් ඉදිරියට වලංගු නොවේ.
මෙම තීරණය ගැනීමට 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ඇති වූ දැඩි කතාබහ සහ විරෝධතා හේතු වී තිබේ. විශේෂයෙන්ම:
ඉමාන් කලීෆ් (ඇල්ජීරියාව): කිලෝග්‍රෑම් 66 බර පන්තියෙන් රන් පදක්කම දිනූ ඇයට එරෙහිව ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා කරිනි ඇතුළු පිරිසක් විරෝධය පළ කළහ.
ලින් යූ ටිං (තායිවානය): ජාත්‍යන්තර බොක්සිං සංගමයේ පරීක්ෂණවලින් අසමත්ව සිටියදී පැරිස් ඔලිම්පික් උළෙලට එක්ව රන් පදක්කම දිනා ගැනීම ද දැඩි විවේචනයට ලක් විය.
මීට අමතරව, දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමෙන්යා සම්බන්ධයෙන් ද වසර ගණනාවක සිට පැවති නීතිමය සහ වෛද්‍යමය මතභේද හමුවේ කාන්තා ක්‍රීඩාවේ "ජීව විද්‍යාත්මක සත්‍යය" (Biological Truth) තහවුරු කිරීමේ අවශ්‍යතාවය ක්‍රීඩා බලධාරීන් අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
