ඇමරිකාවේ NAIA කාණ්ඩයේ විශ්වවිද්‍යාල අතර මළල ක්‍රීඩා තරගාවලියේ Tennessee invite Athletics Championship තරගාවලිය Tennessee විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. ඒ සඳහා මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කෙහාන් කුමාරසිරි ඇමරිකාවේ Indiana Tech විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි දී ඉහත තරගය නියෝජනය කරමින් තරග කළේ ය. අනතුරුව ඔහු, විවෘත අංශයේ මීටර් 400m මුලික වටයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු දැක්වු දක්ශතාව 48.5 ලෙස සටහන් විය.
ඔහු මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ කොළඹ මහානාම විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපනය සඳහා Steiner college ජාත්‍යන්තර ඇතුළත් වී ඇත. කෙහාන් සහබාගී වන මීළඟ තරගය ලබන අප්‍රේල් 17 සහ 18 දින පැවත්වේ. ඉහත සඳහන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල සඳහා ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නොමිලේ අධ්‍යාපනය හැදීරීමට උපාධි ශිෂත්ව ලබා දීමක් ද සිදු කෙරේ.
සමීර මදුසංක හේවා ගමගේ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
