Image

ලෝක ශූරතා පංච ප්‍රයාම තරගයට සහභාගී වු ශ්‍රී ලංකාවේ ඉසිවරුණ ද සිල්වා විශිෂ්ට දක්ශතා අතරට

ලෝක ශූරතා පංච ප්‍රයාම තරගයට සහභාගී වු ශ්‍රී ලංකාවේ ඉසිවරුණ ද සිල්වා විශිෂ්ට දක්ශතා අතරට

ලෝක ශූරතා පංච ප්‍රයාම තරගය පසුගියදා ඊජිප්තුවේ කයිරෝ නුවර දී පැවත්වුනි.

එම තරගය ලෝක පංච ප්‍රයාම සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකාව වෙනුවන් පළමු වරට මෙවැනි තරගාවලියක් සඳහා සහභාගී වු පළමු ශ්‍රී ලාංකික  ක්‍රීඩකයා ලෙස ඉසිවරුණ ද සිල්වා ඉතිහාස ගතවෙයි. එහි දී ඔහු විසින් විවෘත අංශයේ 103වෙනියා ලෙස තරගය අවසන් කළ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 141වන ස්ථානයේ රැදී සිටී. මෙම වසරේ සැප්තැම්බර් මස  ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු තරගය සඳහා ඉදිරිපත් වීමට ද ඉසිවරුණ ද සිල්වා ක්‍රීඩකයා සුදුසුකම් ලබා ඇත.

මෙම තරග ඉසව්ව ක්‍රීඩා ඉසව් පහකින් යුක්ත ය.

පළමු ඉසව්ව ලෙස මීටර් 100m පිහිනීම, දෙවන ඉසව්ව කඩු හරඹ (Fencing), තෙවන ඉසව්ව බාධක තරණය (Obstacle) සහ අවසාන ඉසව් දෙක මීටර් 600mදිවීම සහ වෙඩි තැබීම යන ඉසව් දෙකම නොනවත්වා වට පහක් එම ඉසව් දෙක මාරුවෙන් මාරුවට තරග කළ තරගයවටය අවසන් කිරීම මෙම තරග ඉසව්වේ විශේෂත්වයකි.

sameeraසමීර මදුසංක හේවා ගමගේ

 

 

 

oshada1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න