වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය ලබන අප්‍රේල් 20වන දා ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ දී ආරම්භ වේ. 2026 වසරේ පවත්වන 130වන තරගය මෙය යි.
මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස වයස අවුරුදු 55- 59 කාණ්ඩයේ අංශය නියෝජනය කරයි. එම වයස් කාණ්ඩය සඳහා තරගකරුවන් 3800කට අධික පිරිසක් සහභාගි වෙති. සමස්ත තරගය සඳහා තිස්දහසකට අධික තරගකරුවන් මේ සදහා ඉදිරිපත් විමට නියමිත ය. මෙම තරගය සඳහා ඉදිරිපත් වීමට හැකියාව පවතින්නේ මුලික පරිසාධන මට්ටම ඉක්මවු තරගකරුවන් සඳහා පමණක් වීම සිවිශේෂී තත්ත්වයකි.
ඇමරිකානු විප්ලවයේ පළමු සටන
මෙම බොස්ටන් මැරතන් තරගය සෑම වසරක අප්‍රේල් මස තුන්වන සඳුදා දින පැවත්වේ . එයට හේතුව වන්නේ එදින ඇමරිකාවේ දේශප්‍රේමීන්ගේ දිනය වන බැවිනි. Massachusetts ප්‍රාන්තයේ අප්‍රේල් මාසයේ තුන්වන සඳුදා නීත්‍යානුකූල නිවාඩු දිනයකි. එය 1775 දී Lexington සහ Concord හි ඇමරිකානු විප්ලවයේ පළමු සටන සිහිපත් කරන ඓතිහාසික සිදුවීමකි. එදිනට Massachusetts ප්‍රාන්ත වැසියන් තම වීදිවලට බැස මෙම මැරතන් තරගය සඳහා සහයෝගය ලබා දීමක් සිදුවේ.
බොස්ටන් තරගයේ අඳුරු මතක
මෙම බොස්ටන් මැරතන් තරග ඉතිහාසය තුළ අඳුරු මතක ලෙස 117වන තරගය 2013 අප්‍රේල් මස 15 වැනිදා පැවති අතර තරගය ආරම්භ වී අවසන් රේඛාව අසල දී සවස 2.49 ට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඊට මිනිත්තු ගණකට පසු දෙවැනි බෝම්බ ප්‍රහාරය එල්ල විය.
සමීර මදුසංක හේවා ගමගේ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
