කොළඹ කොටස් වෙළඳපොල මගඩි ගනුදෙනු වලට හවුල් බවටත් චෝදනා.....
ඔලිම්පික් නිළවරණයට දූෂිතයන් එපා
පාර්ශව කිහිපයකින් එළිපිට විරෝධතා.........
ශ්‍රි ලංකාවේ ඔලිම්පික් කමිටුවේ නිළවරණය මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ඉදිරිපත් වන පාර්ශව අතර මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.
මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබල මාතෘකාවක් වී ඇති මෙම නිළවරණයට ඉදිරිපත් වීමට එක්තරා පාර්ශවක් කෙරෙහි බොහෝ දෙනෙකු දැඩි අවධානයක් යොමු කර ඇති අතර එම පාර්ශවයේ අයෙකු පසුගිය කාලය පුරා රටේ විවිධ වංචා දූෂණ වලට සම්බන්ධ වී ඇති අයෙකු බවයි පැවැසෙන්නේ.
විවිධාකාර මූල්‍ය ආයතන හරහා වංචා දූෂණ වලට හවුල් ඒ සදහා පසුගිය කාලයේ මෙරට ප්‍රබල දේශපාලඥයෙකුගේ රැකවරණය ලැබූ මෙම පුද්ගලයා මෙවර නිළවරණයට ඉදිරිපත් වන බවට වාර්තා පළවීමත් සමගම මෙම නොසන්සුන්කාරී තත්ත්වය මතු වී ඇත.
මේ අතර මෙරට ඔලිම්පික් ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් එහි උන්නතිය උදෙසා කටයුතු කරන පාර්ශව රැසක විරෝධය ඔහුට එල්ලවී ඇති අතර එම පිරිස පෙන්වා දෙන්නේ ක්‍රීඩාවේ නම විකුණා මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් කවරෙකු හෝ මෙම නිළවරණයට ඉදිරිපත් වන්නේ නම් ක්‍රීඩාවේ නාමයෙන් තමන් ඊට එරෙහිව කටයුතු කරන බවයි.
වසර 2026 සිට 2030 දක්වා වූ ඉදිරි සිව් වසරක කාලය සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOCSL) නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ තීරණාත්මක නිලවරණය එළඹෙන 25 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මේ සඳහා වන නාම යෝජනා භාර ගැනීම පසුගියදා අවසන් වූ අතර, මෙරට ඔලිම්පික් ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග තීරණය කෙරෙන මෙම මැතිවරණය ඉතා ඉහළ උනන්දුවක් දිනා ගැනීමට සමත්ව තිබේ.
මෙවර නිලවරණය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව තුළ සිදු වූ විශාල පරිවර්තනයකින් අනතුරුවය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (OCA) මැදිහත්වීම මත ස්වාධීන විගණන වාර්තා කැඳවා ඇති අතර, හිටපු ලේකම්වරයාට වසර පහක තහනමක් ද පනවා ඇත.
මෙවර සභාපති ධුරය සඳහා ප්‍රබල අපේක්ෂකයින් පස් දෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
චාල්ස් හෙන්රි (ශ්‍රී ලංකා ස්කී සහ ස්නෝබෝඩ් සංගමයේ සභාපති)
අසංග සෙනෙවිරත්න (ශ්‍රී ලංකා බේස්බෝල්/සොෆ්ට්බෝල් සංගමයේ සභාපති)
ජස්වර් උමර් (ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති)
ශිරාන්ත පෙරේරා (ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ උප සභාපති)
රොහාන් පෘතිවිරාජ් පෙරේරා (කැනොයින් සහ කායකිං සංගමයේ සාමාජික)
මීට අමතරව, මහලේකම් ධුරය සඳහා මොහොමඩ් රිෆ්ඩි සහ නිශාන්ත පියසේන යන නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.
උප සභාපති ධුර සඳහා අපේක්ෂකයින් රැසක් ඉදිරිපත් වී සිටින අතර, ඒ අතරට ඉක්බාල් බින් ඉසාක් (ටෙනිස්), නිලූ ප්‍රනාන්දු (ගොල්ෆ්), බිමල් විජේසිංහ (මලල ක්‍රීඩා), සජීව මැදවත්ත (වොලිබෝල්), සහ රොෂාන් ගුණවර්ධන (බැඩ්මින්ටන්) වැනි ප්‍රවීණයන් ඇතුළත් වේ. සහකාර ලේකම් ධුරය සඳහා සරත් හේවාවිතාරණ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
මෙවර නිලවරණය මෙහෙයවීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ මැතිවරණ කොමිසමක් පත් කර ඇත. ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර සහ නීතිඥ පියසේන රණසිංහ එහි සෙසු සාමාජිකයෝ වෙති.
පිළිගත් ජාතික ක්‍රීඩා සංගම් සහ සම්මේලන 28 කට මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වේ. නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අප්‍රේල් 17 වැනිදා දක්වා කාලය ලබා දී තිබූ අතර, ඒ පිළිබඳ තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 25 වැනිදා සිදු කිරීමට නියමිතය.
මෙම නිලවරණය මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ යහපාලනය තහවුරු කෙරෙන තීරණාත්මක කඩඉමක් වනු ඇතැයි ක්‍රීඩා ලෝලීහු අපේක්ෂා කරති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
