නැගී එන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන දහයක මූල්‍ය ආධාරයක් ලබා දුන්නා.
ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ගේ ඉල්ලීමකට අනුව තරංග ගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මේ ආධාර දීමනාව ලබා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටුවේ උපදෙස් යටතේ.
රුමේෂ් තරංග මේ දීමනාව ඊයේ (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ලබා ගත්තා.
මේ ප්‍රදානය, ක්‍රිකට්වලින් ඔබ්බට ගොස් අනෙකුත් ක්‍රීඩාවලට ද සහයෝගය ලබා දීම හා එම ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ දී සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරන උත්සාහයේ කොටසක්.
වර්නන් ගුණසේකර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
