පසුගියදා පැවති 54වන ජනසතු සේවා මලල ක්‍රීඩා තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සමත් වී තිබේ. එහි දී රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 33 ක් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුළුව සමස්ත පදක්කම් 71ක් ලබා ගනිමින් ඔවුහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්හ.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (සමස්ත) ලෙස වරාය අධිකාරියේ සී. පී. වීරසිංහ සම්මාන දිනාගත් අතර, විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම අධිකාරියේම ඒ. සී. ඩී. කුමාර තේරී පත් විය.
මීට අමතරව, වයස් කාණ්ඩ යටතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ දී, වයස 30-35 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සී. පී. වීරසිංහ ද, වයස 30-35 කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඩබ්ලිව්. එන්. එම්. රොද්‍රිගු මහත්මිය ද සම්මාන දිනා ගැනීම විශේෂත්වයකි. විවිධ වයස් කාණ්ඩ යටතේ පිදෙන ඉහළම දක්ෂතා ඇගයීම් සම්මාන කිහිපයක්ම වරාය අධිකාරී කණ්ඩායම සතු කරගැනීම කැපී පෙනෙන සිදුවීමක් ලෙස සඳහන් කළ හැකි ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
