ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලළේදී මීටර් 89.75 ක දුරක් හෙල්ල විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් සමත් වූ අතර, ඒ සමඟම ප්‍රසාද ලකුණු 1,354ක් ලබාගනිමින් මෙලෙස ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඔහු සමත්ව තිබේ.
ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ප්‍රසාද ලකුණු ප්‍රසාද ලකුණු (1,348) ලබූ ජර්මනියේ ජූලියන් වෙබර් සහ ප්‍රසාද ලකුණු (1,333) ක් ලැබූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් අභිබවා යමිනුයි රුමේෂ් මෙලෙස ප්‍රථම ස්ථානයට පත් වීමට සමත්ව ඇත්තේ.
ඉන්දියාවේ හිටපු ඔලිම්පික් ශූර නීරාජ් චොප්රා ද ඇතුළත් වූ ප්‍රබල තරඟකරුවන් පිරිසක් පරාජයට පත්කරමින්, ග්ලාස්ගෝ හිදී මීටර් 89.75ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම හිමිකර ගැනීමට ඔහු සමත් විය.
මේ අනුව මෙම ක්‍රීඩා ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා බවටද රුමේෂ් පත් වෙයි.
සම්පූර්ණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට පිවිසෙන්න පහළින්>>
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
