ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන අද (31) නියෝග කළේ ය.
සැකකරුට ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප 2ක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේ ය.
මෙලෙස නියෝග කළේ සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව ය.
රවි කරුණානායක අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ දී ය.
නුවරඑළියේ යැයි පවසා හම්බන්තොට ගිහින්
මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා 4ක දී ම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නොමැති බවත්, එම නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඉකුත් 29 වන දින මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් පරීක්ෂා කළ බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ. තව ද අල්ලස් කොමිසමට පැමිණ ලෙස දන්වා සිටියදී දිගින් දිගටම දීර්ඝ දින ඉල්ලා කල් දැමු බවත් අල්ලස් කොමිසම සැකකරු ගේ නිවසට ගිය අවස්ථාවේ දි සැකකරුගේ දියණියගේ විවාහ මංගල්‍යය සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දුන් නමුත් කරන ලද විමර්ශනවල දී නුවරඑළිය ප්‍රදේශයට නොව හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණ බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.
මෙම සැකකරු 2015.01.12 වන දින සිට 2017.05.22 දින දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම ධූරය දරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල්වලින් වැටුප් ගෙවීමේ පදනම මත මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් යැයි සඳහන් කර සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු ලෙස පුද්ගලයින් තිදෙනකු ජාතික ලොතරැයි මණ්ඩලයේ එවකට සභාපති ශ්‍යාම්ලා පෙරේරා යන අය සමග එක්ව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබා නොගෙන එම මණ්ඩලය මගින් වැටුප් හා දීමනා ගෙවීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ. තවද මෙම සැකකරු පළමු සැකකාරිය සමග එකතු වී සාක්ෂිවලට බලපෑම් කිරීමට කටයුතු කරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණට දන්වා සිටියේ ය.
එනම් 1994 අංක 20 දරණ පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වගන්තියට අදාළව දුෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත හිටපු මුදල් අමාත්‍යවරයාට වෝදනා ගොනු කර තිබුණි.
බොහෝ ලෙඩ රෝගවලින් පෙලෙනවා ලු
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අශෝක වීරසුරිය පවසා සිටියේ මාගේ සේවා දායකයා බොහෝ රෝගී තත්ත්වවලින් පෙළෙන බැවින් ඇප ලබා දෙන ලෙස යි.
තවදුරටත් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතීඥවරයා මෙලෙස පැවසුවා.
ජනාධිපති නීතීඥ අශෝක වීරසුරිය
" ස්වාමීනි මාගේ සේවාදායකයාට දැනට ස්ටේයින් 5ක් දලා තියෙනවා. 2026/ 8/26 දින සිංගප්පූරු රෝහලේ දී කරන ලද පරික්ෂණයට අදාළ වෛද්‍ය වර්තාවල සඳහන් කර තිබෙනවා. අනාගතයේ දීත් තව ස්ටේයින් 3ක් දැමීමේ හැකියාවක් තිබෙනවා. තව ද මාගේ සේවාදායකයා ස්ලීප් ඇප්නියා නමැති රෝගයෙන් පෙලෙනවා. තව ද මරාන්තික බැක්ටීරියාක් වන සෙලුලයිටිස් කියන බැක්ටීරියාව ආසාදනය වී තිබෙනවා. ඒ නිසා ඔහුට පරිසර ආසාධිත තැන් වල ඉන්න බැහැ. වෛද්‍ය ගෝඨාභය රණසිංහ විසින් ඔහුට දෛනිකව ගත යුතු බෙහෙත් වට්ටෝරුවක් ලබා දී තිබෙනවා. ඒවා හැමදාම ගත යුතුයි. එසේ ම දියවැඩියාවට ඉන්සියුලීන් විදිනවා. තව ද මෙහි පළමු සැකකාරියට ඇප ලබා දී ඇති බැවින් මාගේ සේවාදායකයා ද ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."
තවද මාගේ සේවාදායකයා අධිකරණයය මග හැරීමට හේතුවක් නොමැති බවත් ඉහළ අධිකරණවල ද තවත් නඩු පවතින බවයි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
