ප්‍රංශයේ කොරෝනා නිසා දිනකට මිය යන ගණන 1, 580 ක් දක්වා ඉහළට...

ප්‍රංශයේ කොරෝනා නිසා දිනකට මිය යන ගණන 1, 580 ක් දක්වා ඉහළට...

කොරෝනා වෛරසය ආසාදනයෙන් ප්‍රංශය තුළ දිනකට මිය යන පුද්ගලයන් ගණන 1, 580 ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබේ.

ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලමොන් (Jerome Salomon ) ඊයේ ( අප්‍රේල් 03 ) සවස අනාවරණය කළ තොරතුරු අනුව, ඊයේ වන විට කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ප්‍රංශයේ තුළ සිදු වී ඇති මරණ සංඛයාව 6, 507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අප්‍රේල් 03 වැනිදායින් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගලයන් 1, 580 ක් මිය ගොස් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියාය.

ඉතාම ඛේදනීය තත්ත්වය වන්නේ , ප්‍රංශය තුළ යැපෙන වැඩිහිටියන් සඳහා වූ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථාන (Ephad ) වල පමණක් මේ වන විට පුද්ගල මරණ 1, 416 ක් වාර්තා වී තිබීමය. අප්‍රේල් 03 න් අවසන් වූ පැය 24 තුළ පමණක් එම ස්ථානවල මිය ගොස් ඇති ප්‍රමාණය 523 කි.

ජෙරොම් සලමොන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව ප්‍රංශය තුළ අප්‍රේල් 03 වැනිදා වන විට සිටින සමස්ත රෝගීන් ප්‍රමාණය 82, 165 කි.

මෙයින් රෝහල් තුළ මිය ගොස් තිබූ ප්‍රමාණය 5, 091 වන අතර ඒ වන විට ගෙවුණු පැය 24 තුළ පමණක් රෝහල් තුළ සිදු වී ඇති මරණ ප්‍රමාණය 588 කි.

6, 662 දෙදෙනෙකු දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන බව පැවසුු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා, පැය 24 ක් තුළ පමණක් දැඩි සත්කාර ඒකක වලට ඇතුළත් කර ඇති පිරිස 263 ක් යැයි ප්‍රකාශ කළාය.

යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථාන ( Ephad ) වල පමණක් රෝගීන් 17, 827 ක් සිටින බව ද ඔහු වැඩි දුරටත් අනාවරණය කළාය.

ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මෙම සංඛ්‍යා ලේඛන ඉදිරි පත් කරනු ලැබුවේ, ප්‍රංශයේ රෝහල් 914 ක්, සායන, සාත්තු නිවාස සහ 3000 ක් පමණ වූ යැපෙන වැඩිහිටියන් සඳහා නවාතැන් සපයන නිවාසවලින් ලැබුණු තොරතුරු පදනම් කර ගෙනය.

වැඩිහිටි නවාතැන් වල සිටින පිරිසෙන් 66% කට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවත්, රෝහල් ගතව සිටින සමස්ත රෝගීන්ගෙන් 35% ක් වයස අවුරුදු 60 වඩා අඩු පුද්ගලයන් බවත්, 60% ක් වයස අවුරුදු 60 - 80 ත් අතර සිටින පුද්ගලයන් බවත් පැවසූ ජෙරොම් සලමොන් , මේ වනවිට වයස අවුරුදු 30 වඩා අඩු රෝගීන් 93 ක් බරපතල තත්ත්වයේ පසුවන බව ද ප්‍රකාශ කළාය.

කොරෝනා වෛරසය ගැන අවධාරණය කළ ජෙරොම් සලමොන් කියා සිටියේ, ප්‍රංශ ඉතිහාසය තුළ මෙතරම් රෝගීන් ප්‍රමාණයක් මින් පෙර කිසිදු ව්‍යාධියකින් පෙළී නොමැති බවය.

පසු ගිය මාර්තු මාසයට සාපේක්ෂව මේ වන විට කොරෝනා වෛරසයෙන් සිදුවන මරණ අනුපාතය 23% කින් වැඩි වී ඇති බව ද ජෙරොම් සලමොන් අනාවරණය කළාය.

( සුනිල් ගාමිණී - ප්‍රංශ ජන මාධ්‍ය ඇසුරෙන් )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න