ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන කොරෝනා රෝගීන්ගේ ගණන පහළට....

ප්‍රංශයේ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන කොරෝනා රෝගීන්ගේ ගණන පහළට....

පසුගිය සති කිහිපය තුළ වෛද්‍යවරුන්, වෛරස් පිළිබඳ විද්‍යඥයන් සහ බෝවන රෝග පිළිබඳ විද්‍යඥයන් , කොරෝනා වෛරසයේ උච්චම අවස්ථාවක් ගැන කතා කළ ද, එයින් අදහස් කර ඇත්තේ දැඩි සත්කාර ඒක්ක වලට ඇතුළත් වන පිරිස් සහ මරණයට පත්වන පිරිස් වල තියුණු අඩුවීමක් ගැන විය හැකි යැයි , ප්‍රංශ සෞඛ්‍ය අධයක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ ( අප්‍රේල් 11 ) ප්‍රංශයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමිනි.

පසුගිය දින දෙක තුන තුළ දැඩි සත්කාර ඒකකයේ පුද්ගලයන්ගේ සමස්ත අඩුවීම මෙම නව අවධිය ලෙස සැලකිය හැකි බව ජෙරොම් තව දුරටත් පැවසීය.

මේ සතියේ සිට ඉතා ළා පැහැති හිරු එළිය දැකගත හැකි වුවත්, එය දැක මුලා නොවන්නැයි පැවසූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, දැඩි සත්කාර ඒකක වලට ඇතුලුවන රෝගීන් ගණන අඩු වූ පමණින් පවතින තත්ත්වයේ බරපතලකම කිසිසේත්ම පහ වී නොමැති බවට අනතුරු ඇඟවීය.

රෝගීන්ගේ මරණ වලින් සහ වාසනාවකට මෙන් සුව වන පුද්ගලයන්ගෙන් හිස් වන ඇඳන් නිසා රෝහල් තුළට පැමිණෙන හා පිටවන ශේෂය සෘණාත්මක වී ඇති බව පැවසූ ජෙරොම්, දැඩි සත්කාර ඒකක වල තවමත් 7, 000 කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් සිටින බව පැවසීය.

දින කිහිපයක් තිස්සේ යැපෙන වැඩිහිටියන්ට නවාතැන් පහසුකම් සපයන නිවාස වල ( Ehpad) සංඛ‍යාලේඛන ඉහළ ගොස් තිබෙන අතර, නිවෙස් වල සිදුවන මරණ පිළිබඳව 'ජාතික සංඛ්‍යාලේඛන හා ආර්ථික අධ්‍යයන ආයතනය ( INSEE ) කර ඇති සමීක්ෂණයකින් පෙන්නුම් කර ඇත්තේ සති කිහිපයක් පුරා ප්‍රංශය තුළ මරණ අනුපාතය බරපතළ ලෙස ඉහළ ගොස් ඇති බවය.

එම ආයතනය පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන වලට අනුව 2019 දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වන විට ගෘහස්ථ මරණ අනුපාතය රට පුරා 9.8% කින් ඉහළ ගොස් ඇත.

මෙම අනුපාතය ඉල් ද ෆ්‍රොන්ස් (Ile - de - France ) කලාපය තුළ 44% ක් තරම් ඉහළ අගයක් ගෙන ඇත. ප්‍රංශයේ දි මිය ගිය වයස අවුරුදු 10 අඩු දරුවා අයත් වූයේ මෙම කලාපයටය.

ග්‍රොන්දෙස් (Grande - Est ) කලාපය තුළ මරණ අනුපාතය 32% ක් වී තිබේ. මේ අනුව ප්‍රංශය තුළ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් වී ඇත්තේ මෙම කලාප දෙකය.

" නිවසේදී මිය යන අය පිළිබඳව අපිට කිසිම අදහසක් නෑ. අපි ඔවුන්ව දකින්නෙත් නෑ. " මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ඉල් ද ෆ් ( Ile - de - France ) කලාපයට අයත් ප්‍රාදේශීය සෞඛ්‍ය ඒජන්සියේ ඩේව්ඩ් හ්ර්ඩ් ය.

ඊයේ (අප්‍රේල් 11) දිනයේ දී ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් ඉදිරි පත් කළ වාර්තාවට අනුව, ප්‍රංශය තුළ කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇති සමස්ත රෝගීන් ප්‍රමාණය 13, 832 ක් ය.

එය සටහන් වී ඇත්තේ රෝහල්ගත මරණ 8, 943 ක් සහ Ehpad මරණ 4, 889 ක් ලෙසින් ය.

11 වැනිදායින් අවසන් වූ පැය 24 තුළ පමණක් මියගොස් තිබූ ගණන 643 ක් වන අතර ඉන් 353 ක් රෝහල් වලින් ඉතිරි 290 Ehpa වලින් ද වාර්තා වි තිබිණ.

ජෙරොම් සලොමොන් ට අනුව 11 වැනිදා වන විට සමස්ථ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 93, 790 කි.

( සුනිල් ගමිණී - ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරෙන් )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න