සිරියානු යුද්ධය : නැ. ගොවුටා ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් රැසක් මරුට

සිරියානු යුද්ධය : නැ. ගොවුටා ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් රැසක් මරුට

සිරියානු රජයේ හමුදාව මගින් දිගින් දිගටම බෝම්බ හෙලීම හේතුවෙන් නැගෙනහිර ගොවුටා ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් සංවිධාන පවසන පරිදි ඊයේ (19) දිනයේ පමණක් සිදුවූ ගුවන් සහ රොකට් ප්‍රහාර හේතුවෙන් ළමුන් 20 දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේම රෝහල්, පාසල්, නිවාස සහ ප්‍රධාන මං මාවත් යන සියල්ල සිරියානු හමුදාවේ ඉල්ලක්කය වී ඇත. එසේම ඖෂධ, ආහාර ඇතුළු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම බෝම්බ ප්‍රහාර නවතන ලෙස ඉල්ලීමක් කර තිබේ.

නැගෙනහිර ගොවුටා ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් ලක්ෂ 4ක් පමණ ජිවත් වේ. මෙය 2013 වසරේ සිට කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින්නක් වන අතර සිරියාවේ අගනුවර වන ඩමස්කස් නගරයට ආසන්නව කැරළිකරුවන් පලනය යටතේ පවතින අවසාන ප්‍රදේශය වේ.

එම ප්‍රදේශය කැරලිකරුවන්ගෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සිරියානු හමුදා විසින් මෙම මස මුලදී ආරම්භ කර තිබූ අතර මෙම මෙහෙයුම් හේතුවෙන් මේවනවිට සිය ගණනක් මිය ගොස තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාර සඳහා සිරියානු රජයේ හමුදා වෙත රුසියානු හමුදාවේද සහය ලැබේ. එසේම මෙම මස මුලදී රුසියානු ප්‍රහාරක යානාවක් බිමහෙලා එහි සිටි ගුවන් නියමුවා මර දැමීමෙන් පසු රුසියානු ගුවන් ප්‍රහාර දැඩි කර තිබුණි.

මේ අතර තුර්කිය විසින් උතුරු සිරියාවේ තුර්කි හමුදාවට විරුද්ධව සටන්වදින කුර්දි සටන් කරුවන්ට සහය නොදෙන ලෙස සිරියානු රජයේ හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.

සිරියානු යුද්ධයේ පසුබිම

සිරියානු යුද්ධය 2011 මාර්තු 15 දින එරට ජනාධිපති බසාර් අල් අසද්ගේ පාලනයට එරෙහිව ආරම්භ වූ අතර රුසියාව ඔහුගේ ඉල්ලීම මත 2015 වසරේදී සක්‍රීය ලෙස සිරියානු යුද්ධයට සම්බන්ධ විය. එසේම 2014 වසරේදී ඇමරිකාව ඔවුන් සහයෝගය දක්වන විපක්ෂ කණ්ඩායම් වෙනුවෙන් මිට සම්බන්ධ විය. මීට අමතරව ඉරානය, තුර්කිය, සවුදි අරාබිය මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයද මෙම යුද්ධයට ඉතා සක්‍රියව විවිධ පාර්ශව වෙනුවෙන් සංවිධානය වී සිටියි. සිරියානු යුද්ධය හේතුවෙන් මේ වනවිට ලක්ෂ පහකට ආසන්න පිරිසක් මිය ගොස් තිබේ. තවත් විශාල පිරිසකට ගේ දොර අහිමිව ඇත. එසේම සිරියානු යුද්ධය දෙවන ලෝක යුද්ධයට පසු වැඩිම රටවල් ගණනාවක් සම්බන්ධවී සිදු කෙරෙන දරුණුතම යුධ ගැටුමකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න