ඊශ්‍රායල අගමැතිගෙන් සාම සමුළුවක් පිළිබඳ යෝජනාවක්

ඊශ්‍රායල අගමැතිගෙන් සාම සමුළුවක් පිළිබඳ යෝජනාවක්

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් විසින් ඊශ්‍රායල -පලස්තීන සාම සාකච්ඡාවන් 2018 මැද භාගයේ දී නැවත ආරම්භ කිරීම සඳහා පහසුකම් සැපයීමට ජාත්‍යන්තර සාම සම්මේලනයක් කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

2009 වසරට පසු පළමුවරට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සම්මේලනය අමතමින් පලස්තීන අගමැතිවරයා පැවසුවේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප ඇති එකම විසඳුම ඊශ්‍රායලය සමඟ සාකච්චා කිරීම බවයි.

එසේම අබ්බාස් අගමැතිවරයාගේ පැවසුවේ ඇමරිකාව ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බව ප්‍රකාශ කිරීමත් සමඟ ඊශ්‍රායල -පලස්තීන ගැටුමේ ස්වභාවය තවත් උණුසුම් වූ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ පලස්තීන පාලනය තවදුරටත් සාමය වෙනුවෙන් ඇමරිකාව ඉදිරිපත් කරන කිසිදු යෝජනාවක් නොපිළිගන්නා බවට ප්‍රකාශ කර තිබුණි.

කෙසේවෙතත් ඊශ්‍රායලය අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී අදහස් දක්වමින් පැවසුවේ ඇමරිකාව තවදුරටත් සාම සාකච්චාවන්හි අවංක මැදිහත්කරුවෙකු ලෙස පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

එසේම සාම සාකච්චා සඳහා "බහුපාර්ශ්වික යාන්ත්‍රණයක්" අවශ්‍ය බව ප්‍රකාශ කළ පලස්තීන අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා උත්සාහයන් දරන බවටද ප්‍රතිඥා දී ඇත. පලස්තීනය 2012 වසරේ සිට සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයකි.

1948 සිට පලස්තීනුවන්ට පක්ෂව ආරක්ෂක මණ්ඩල යෝජනා 86 ක් සම්මත වී ඇති නමුත් එයින් කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවද පලස්තීන අගමැතිවරයා සිහිපත් කර තිබේ.

 පලස්තීනය පිළිබඳ ඇමරිකානු ප්‍රතිචාර

ජාත්‍යන්තර අර්බුදයක් ලෙස දශක ගණනාවක් තිස්සේ ගිනියම් වෙමින් පවත්නා ජෙරුසලම පිළිබඳ ගැටලුව නැවතත් ලෝක අවධානයට යොමු වූවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමගය. එම ප්‍රකාශය ජාත්‍යන්තර තලයේ මහත් විවාදයකට මෙන්ම මතභේදයට ද හේතු වී තිබේ.

එසේම පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පලස්තීනයට සහනාධාර සපයන UNRWA නම් සංවිධානයේ ප්‍රතිපාදන කපා දැමීම පලස්තීනයට එල්ල කළ තවත් ප්‍රබල ප්‍රහාරයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න