අගමැතික පක්ෂ නායකත්වයේ ඉන්නත් බෑ- අධිකරණය දැනුම් දෙයි

අගමැතික පක්ෂ නායකත්වයේ ඉන්නත් බෑ- අධිකරණය දැනුම් දෙයි

පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට හිටපු අග්‍රාමාත්‍ය නවාෂ් ෂරීෆ් පක්ෂ නායකත්වයෙන් ඉවත්කර තිබේ. මේ අනුව නවාස් ෂරීෆ් පක්ෂ නායකයා ලෙස ගත් සියලු තීරණ සහ නියෝග බල රහිත වනු ඇති අතර සති දෙකකින් පැවැත්වෙන සෙනෙට් මැතිවරණයට ඔහු ලබාදුන් නාම යෝජනා අවලංගු වන බව ද පැවසේ.

පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුව අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ නවාෂ් තවදුරටත් පක්ෂ නායකත්වයේ රැඳී සිටින ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත්තේ පාකිස්තාන් මහජන පක්ෂය (PPP) සහ ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දෙනු ලබන පාකිස්තාන් තෙරීක් -ඉ- ඉන්සාෆ් (Pakistan Thereek-e-Insaaf) පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

නවාස්ට දූෂණ චෝදනා

හිටපු අගමැතිවරයාගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනුවලින් අනාවරණය වීමත් සමග ඔහුගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

ඒ සම්බන්ධ විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී. අගමැති ෂරීෆ් දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

දේශපාලන කුමන්ත්‍රණ

තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත් වී ඇතැයි නවාස් ෂරිෆ් අධිකරණ තීන්දුවෙන් පසු අදහස් දක්වමින් පැවසීය. මේ සියලු තීන්දු හරහා තමන්ගෙන් පළිගනිමින් සිටින බව අනාවරණය වන බව ඔහු පවසා තිබේ.

නවාෂ්ගේ දේශපාලන අනාගතය

පාකිස්තාන් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය හිමි වන්නේ නවාෂ් ෂරීෆ් ගේ 'පාකිස්තාන් මුස්ලිම් සංගමයටය. (PML-N)

ඉදිරි කාලයේ කැඳවනු ලැබීමට ඉඩකඩ ඇති මහ මැතිවරණයකට පෙර සෙනේට් සභා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම තුළින් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බලයත් අල්ලා ගැනීම එම පක්ෂයේ අභිප්‍රාය වී තිබුණි.

එසේම දේශපාලන විචාරකයින් පවසන ආකාරයට නවාෂ්ගේ ඉවත් කිරීමෙන් හිස්වූ පක්ෂ නායකත්වයට ඔහුගේ බිරිද පත්වීමට නියමිතයි. ඒ හරහා ඔහු පක්ෂයේ පාලනය තමන් යටතට ගනු ඇති බව බොහෝ දෙනෙකුහේ අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න