ඕස්ට්‍රේලියානු උප අගමැති ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියානු උප අගමැති ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියානු උප අගමැති බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ. මීට සති දෙකකට පමණ පෙර උප අගමැතිවරයාට සිය කාර්ය මණ්ඩලයේ හිටපු සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා එල්ල විය.

බානබි ජොයිස් තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ ලබන සඳුදා දින රජයේ පාර්ශවකරුවෙකු වන ජාතික පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අගමැති ධූරයෙන්ද ඉල්ලා අස්වන බවයි.

උප අගමැතිවරයාගේ සිය කාර්ය මණ්ඩල සේවිකාවක සමඟ තිබූ රහස් සම්බන්ධය සහ ඇය ඒ හේතුවෙන් ගැබිණියක් බව හෙළිදරව් වීම නිසා සති දෙකක පමණ කාලයක් ඕස්ට්‍රේලියානු දේශපාලනයේ විශාල කැළඹීමක් ඇතිව තිබේ.

මේ හේතුවත් සමඟ සිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සේවකයන් සමග ලිංගික පහස ලැබීම තහනම් කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් පසුගිය සතියේ මාධ්‍ය හමුවක් අමතා පවසා තිබුණි.

මෙම නිවේදනය නිකුත් කිරීමෙන් සුළු මොහොතකට පසු නිවේදනයක් නිකුත්කරමින් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා බානබි ජොයිස්ගේ තීරණය පිලිබඳ ස්තුතී කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න