බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 04 කට චෝදනා

බීරූට් පිපිරීමට අගමැති ඇතුළු 04 කට චෝදනා
ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් 200කට වැඩි පිරිසක් මියයෑම සම්බන්ධව නොසැලකිලිමත්ව කටයුතු කිරීම යටතේ එරට හිටපු අගමැතිවරයාට සහ හිටපු ඇමතිවරුන් තිදෙනකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

මෙසේ චෝදනා ගොනුකර ඇත්තේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ හසන් ඩයබ්, හිටපු මුදල් ඇමති අලි හසන් කලීල් සහ පොදු කාර්යයන් සම්බන්ද අමාත්‍යවරුන් දෙදෙනකු වන යූසෙෆ් ෆෙනියානොස් හා ගාසි සයිටර් යන මහත්වරුන්ට එරෙහිවය.

ඔවුන් අගෝස්තු මස 04 වන දින සිදුවූ විනාශකාරී පිපිරීම සම්බන්දව අධිචෝදනා ලැබූ පළමු දේශපාලනඥයින් වන අතර ලෙබනන ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙකුට එරෙහිව අධි චෝදනා එල්ලවූ පළමු අවස්ථාව ද වෙයි.

නොසැලකිලිමත්කම හේතුවෙන් සියගනනක් මරණයට පත්වීම සහ තවත් දහස් ගනනකට තුවාල සිදුවීම යන චෝදනා මොවුන්ට එල්ලවී තිබේ.

වසර ගනනාවක් තිස්සේ බීරූට් වරාගේ ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් පොහොර ටොන් සිය ගනනක ගබඩාවක් මෙලෙස පුපුරා ගියේය. මේ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පොහොර තොගය බැහැර කිරීම කල් දැමීමට එරෙහිව සැකකරුවන්ට ලිඛිත දැනුම්දීම් කිහිපයක්ම ලැබී ඇති බවයි. විනාශකාරී පිපිරීම සහ එමගින් සිදුවූ දැවැන්ත හානිය වලක්වා ගැනීම සඳහා ඔවුන් අවශ්‍ය පියවර ගෙන නොමැති බවද එහි සඳහන් වේ.

සිද්ධිය සම්බන්ද පරීක්ෂණයේදී වරාය මහ රේගු නිලධාරීන් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය සහ විදේශීය පාර්ශවයන්ගෙන් අපක්ෂපාත පරීක්ෂණයක් සඳහා ඉල්ලීම් ලැබුණ ද ලෙබනනය ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කළේය.

කෙසේවුවද මෙම පරීක්ෂණයේ මූලික විමර්ශන සඳහා ප්‍රංශයේ සහ ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ විශේෂඥයින් සහභාගී වී තිබේ.

අගෝස්තු 04 පිපිරීමෙන් පසුව එල්ලවූ මහජන විරෝධතා හමුවේ අග්‍රාමාත්‍ය හසන් ඩයබ් ඉල්ලා අස්විය.

(ඩේලි මේල්)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න