කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15) සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.
ඒ් අනුව ලබන ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බවද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ප්‍රකාශ කර ඇත.මෙම තීරණයත් සමග සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙස ද ඒරට අග්‍රමාත්‍යවරයා එරට වැසියන්ට දැනුම් දී තිබේ.
වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජර්මනිය , ඉතාලිය ඇතළු යුරෝපයේ රටවල් කිහිපයක්ම සංචරණ කටයුතු සීමාකිරිම සඳහා නව කොන්දේසි ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
