ප්‍රංශ ජනපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

ප්‍රංශ ජනපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශ බලධාරීන් උපුටා දක්වින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී 42 හැවිරිදි ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූූ බවයි.

ජනාධිපතිවරයා හුදකලාව සිට සිය රාජකාරි කටයුතු මෙහෙයවනු ඇතැයි, ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට වෛරසය වැළඳුණේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමත් සමග මෙම සතියේ සිට ප්‍රංශය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ද පසුගියදා බලධාරීහු තීරණය කළහ.

මේ වනවිට ප්‍රංශයෙන් නව කොරෝනා ආසාදිතයින් 2,409,06 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් නව දහසකට අධික ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න