ඉන්දියාව: කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවයි

ඉන්දියාව: කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබේ.

ගත වු පැය 24 තුළ හඳුනාගත් නව ආසාදිතයින් 26,991 සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,004,825 ක් බව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ සිදුව ඇති සමස්ත මරණ ගණන 145,171ක් වේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කෝටිය ඉක්මවූ දෙවන රට වන්නේ ඉන්දියාවයි.

ලබන වසරේ ජනවාරියේ සිට ඉන්දීයාව තුළ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.

එහිදි මිලියන 300 ඉක්මු පිරිසකට එන්නත ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න