මියන්මාරය තුළ සමාජ මාධ්‍ය තහනමක්

මියන්මාරය තුළ සමාජ මාධ්‍ය තහනමක්

මියන්මාරයේ හමුදා පාලනය විසින් මේ වන විට සියලුම සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසීම අවහිර කර තිබේ.

ප්‍රථමයෙන්ම ෆේස් බුක් අවහිර කිරීම සිදුකළ අතර ඉන් පසුව ඊයේ දින සිටම ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පිවිසීමද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එපිටින් යමින් හමුදාව විසින් ඇතිකර තිබෙන බලහත්කාරී පාලනයට එරෙහිව ජනතාව ඒකරාශී වීම වැළැක්වීමේ අරමුණිනි.

ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකීගේ හිතවාදීන් විසින් ඇයට දිගින් දිගටම සහය පළකිරීම හේතුවෙන් පළමු කොටම ෆේස් බුක් තහනම පනවා තිබුණි.

මියන්මාරයේ ප්‍රධාන නගරය වන යැන්ගොන්හි උද්ඝෝෂණ උත්සන්න වීමත් සමඟ ජනතාව ඉදිරියට පැමිණීම වැලැක්වීම සඳහා කැරලි හමුදාවද යොදවා තිබෙන බව ද වාර්තා වෙයි.

මියන්මාර හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන "මින් අන්ග් හලින්ග්" පසුගිය (01) හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලාගත් අතර එරට නිල නොලත් පාලකයා ලෙස සැලකුණු අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට එරට දේශපාලන නියෝජිතයින් සියයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මියන්මාර හමුදා කුමන්ත්‍රණයට ඇමරිකාවද විරෝධය පළකර තිබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී නිදහස් කරන ලෙසද එරට හමුදා පාලනයෙන් ඇමරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලා සිටියේය.

ලොව මානව හිමිකම් සුරකින,ඊට ගරු කරන රටවල් සියල්ලම පාහේ මියන්මාරයේ සිදු වූ කුමන්ත්‍රණය හෙළා දැක තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න