හිටපු ජනාධිපති බිරිය දුෂණ චෝදනා මත අත්අඩංගුවට

හිටපු ජනාධිපති බිරිය දුෂණ චෝදනා මත අත්අඩංගුවට

දූෂණ චෝදනා හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපති පොර්ෆිරියෝ ලොබෝගේ භාර්යාව වන රොසා එලේනා අත්අඩංගුවට ගෙන තිබේ.

2010 - 2014 කාලය තුළ පොර්ෆිරියෝ ලොබෝ ජනපතිධූරය හොබවා ඇති අතර එම කාලය තුළ මධ්‍යම අමෙරිකාවේ අඩු ආදායම්ලාභීන්ගේ දරුවන් සඳහා පාවහන් ලබාදීමේ ව්‍යාපෘතියකින් මුදල් වංචා කිරීම ඇයට එල්ලවන චෝදනාව ලෙස සඳහන්ව ඇත.

අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ දූෂණ විරෝධි කාර්යාලය සඳහන් කළේ, ඇය තම සැමියාගේ නිල කාලය අවසන් වූ 2014 ජනවාරි 27 වනදාට පෙර ජනපති ආර්යා කාර්යයාලය සතු මුදල් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවයි.

හොන්ඩුරාස්හී දූෂණය හා අක්‍රමිකතාවන්ට එරෙහිව සටන් කිරීමට සහාය වන ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන ආනා මරියා කැල්ඩෙරොන් (කියා සිටියේ බෝනිල්ලා සහ තවත් අය ඩොලර් 680,000ක් වංචා කර ඇති බවය.

එසේම සමාජ වැඩ සඳහා වෙන් කරන ලද මුදල් සඟවා ගැනීම සඳහා මුදල් විශුද්ධිකරණය කිරීමේ ජාලයක් නිර්මාණය කර ඇති බව බොනිල්ලා චෝදනා ලබා ඇත.

කෙසේ වුවත් රොසා එලේනාගේ සහ ඇගේ නීතිඥයින් ඇයට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පුතා වූ ෆෙබියෝ ලොබෝ, එක්සත් ජනපදයට කොකේන් ආනයනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් පසු, වසර 24 ක සිරදඬුවමකටද ලක්ව සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න