ධවල මන්දිර සන්නිවේදන සන්නිවේදන අධ්‍යක්ෂවරිය ධූරයට සමුදෙයි

ධවල මන්දිර සන්නිවේදන සන්නිවේදන අධ්‍යක්ෂවරිය ධූරයට සමුදෙයි
 
ඇමරිකා එක්සත් ජනපද ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ හෝප් හික්ස් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
 
ට්‍රම්ප් පාලන සමයේ මෙම තනතුරට පත්වූ තෙවැනියා හික්ස් වන අතර ඊට පෙර ශෝන් ස්පයිසර් දින 49ක් සහ ඇන්ටනි ස්කැරමුච් දින 10ක් ලෙස එම තනතුරේ කටයුතු කර තිබිණ.
 
විදෙස් මාධ්‍ය ආනාවරණය කරන ආකාරයට මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත්තේ ට්‍රම්ප් බලයටපත් පසුගිය ජනපතිවරණයේදී ඊට සිදුවූ බව සැළකෙන  රුසියානු අතපෙවීම් පිළිබඳ සොයා බලන අමරිකානු බුද්ධි නිලධාරීන් හා නීතිඥ කොමිසම ඉදිරියේ පැය 9 ක ප්‍ර‍ශ්න කිරීම්වලට ලක්වීමෙන් පසුවය.
 
එහිදී හිකිස් වෙතින් ප්‍රශ්න කර තිබෙන්නේ ට්‍රම්ප්ගේ දෙටු පුතු හා රුසියානු නීතිඥ හමුව පිළිබඳව වන බවත් එම ප්‍රශ්න කිරීමෙන් පැය 24ක් ඉක්මවා යන්නට පෙර මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
 
හෝප් හික්ස් 29 හැවිරිදි තරුණියක් වන අතර 2017 අගෝස්තු 16 වනදා ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම ලබා ඇත. ඊට පෙර ඇය ට්‍ර‍ම්ප්ගේ ව්‍යාපාර කටයුතුවලට ද සම්බන්ධව කටයුතු කර ඇති බවත් ට්‍ර‍ම්ප්ගේ පදවිප්‍රාත්තියෙන් පසු ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වූ ඇය ඉන්පසු ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
 
දීර්ඝ කාලීන් ට්‍ර‍ම්ප් හිතවතියක ලෙසත් විශ්වාසවන්ත සේවිකාවක් ලෙසත් හෝප් හික්ස් ප්‍රසිද්ධියට පත්ව ඇත. 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න