ඉතාලි මැතිවරණය : කිසිදු පක්ෂයකට බහුතරය නැහැ : බාර්ලුස්කෝනිට ජන්ද පොළේදී විරෝධය

ඉතාලි මැතිවරණය : කිසිදු පක්ෂයකට බහුතරය නැහැ : බාර්ලුස්කෝනිට ජන්ද පොළේදී විරෝධය

ඊයේ(04) පැවති ඉතාලි මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය දිනා ගැනීමට නොහැකිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ රාත්‍රිය වන විට නිකුත්කර තිබූ ප්‍රථිපල අනුව හිටපු අගමැති සිල්වියෝ බාර්ලුස්කෝනිගේ මධ්‍යස්ථ දක්ෂිණාංශික සභාගය පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන ප්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබුණි.

 Five Star ව්‍යාපාරය නම් පක්ෂය මැතිවරණයේ වැඩි අසන ප්‍රමාණයක් හිමිකරගනිමින් දෙවන ස්ථානයට පත්ව සිටියි.

 මැතිවරණයට ඉදිරිපත් වී සිටින විශාලතම තනි පක්ෂය ‘Five Star ව්‍යාපාරය ’ වන අතර දරිද්‍රතාවට සහ දූෂණයට එරෙහිවීම ඔවුන්ගේ ප්‍රමුඛතම සටන් පාඨය වී තිබේ.

 මධ්‍ය වාමාංශික පක්ෂයක් වන වත්මන් පාලක ඩිමොක්‍රටික් පක්ෂය මැතිවරණයෙන් තෙවැනි තැනට පත්ව තිබේ.

මේ අනුව මීළඟට පත්වන ආණ්ඩුවට සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සිදුවෙනු ඇති බවත් එසේ නැතිවුවහොත් නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදුවෙනු ඇති බවට අනාවැකි පළවෙමින් ඇත.

 කෙසේවෙතත් මෙතෙක් අවසන් මැතිවරණ ප්‍රථිපලයක් නිකුත්ව නැත.

බාර්ලුස්කෝනිගේ මාධ්‍ය දක්ෂිණාංශික පක්ෂයට ජය හිමිවුවත් ඔහුට විරුද්ධව පවතින දූෂණ චෝදනා හේතුවෙන් තවත් වසරක කාලයක් යන තුරු ඔහුට නිල වශයෙන් ධූරයේ කටයුතු කිරීමට නොහැකි බව වාර්තා වේ.

සංක්‍රමණික සහ ආර්ථික අර්බුද

2013 වසරේ සිට මේ වනවිට ලක්ෂ හැටකට අධික ලිබියානු සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් ඉතාලියට සංක්‍රමණය වෙමින් පවතියි. ඔවුන් සම්බන්ධව පත්වන නව රජයේ තීරණය කුමක්ද යන්න පිලිබඳව ඉතාලි ජනතාව විසින් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි පැවසේ.

2018 වසර තුළ ඉතාලියේ මිලියන 18 ක සංඛ්‍යාවක ජනතාවක් දුප්පතුන් බවට පත්වීමේ අවදානමක පවතින බව පැවසුණි. එමෙන්ම 11% විරැකියා අර්බුදයකටද ඉතාලිය මුහුණ දෙමින් සිටියි.

සිල්වියෝ බාර්ලුස්කෝනිට ජන්ද පොළේදී විරෝධය

ඊයේ පැවති ඉතාලි මැතිවරණයේදී හිටපු අගමැති සිල්වියෝ බාර්ලුස්කෝනි සිය ජන්දය භාවිතා කිරීමට පැමිණි අවස්ථාවේ උඩුකය නිරුවත් FEMEN ක්‍රියාකරිනියකගෙන් විරෝධය එල්ල වී තිබේ.

මිලාන් නගරයේ පැවති ජන්ද පොළකට පැමිණ සිටි හිටපු අගමැතිවරයා ජන්දය ප්‍රකාශ කරන මොහොතේ ජන්ද පොළේ තිබූ මේසයක් මතට නැගුණු විරෝධතාකාරිය "බාර්ලුස්කෝනි ඔබේ කාලය අවසන්" යනුවෙන් කෑ ගසමින් විරෝධතාවයේ නිරතව ඇත.

පසුව විරෝධතාකරිනිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

81 හැවිරිදි හිටපු අගමැතිවරයාට කාන්තා ක්‍රියාකාරිනියන්ගෙන් විරෝධය එල්ල වූ පළමු අවස්ථාව නොවේ. 2013 වසරේදීද FEMEN සංවිධානයේ ක්‍රියාකාරිනියක් මේ ආකාරයටම විරෝධතාවයේ නිරත වූ බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබේ.

FEMEN ව්‍යාපාරය

2008 වසරේ යුක්රේනයේ ආරම්භ වූ FEMEN ව්‍යාපාරය ආගමික අන්තවාදයට, ආණ්ඩුවලට ,මහජන ආයතනවලට සහ ජාතිවාදයට එරෙහි කාන්තා සංවිධානයකි. එහි පවතින විශේෂත්වය වන්නේ විරෝධතාවය දක්වන කාන්තාවන් උඩුකය නිරුවතින් සටන් පාඨ තම සිරුරේ සටහන් කරගනිමින් විරෝධතාවයේ යෙදීමයි. මෙම සංවිධානය යුරෝපා රටවල් බොහොමයක් පුරා විසිරි පවතින අතර ප්‍රධාන කාර්යාලය පැරීසියේ පිහිටුවා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න