විදෙස් නායකයන්ගේ පිළිමවලට ඉන්දියාවේ ඉඩක් නැහැ - ප්‍රාන්ත ස්වදේශ කටයුතු ඇමති

විදෙස් නායකයන්ගේ පිළිමවලට ඉන්දියාවේ ඉඩක් නැහැ - ප්‍රාන්ත ස්වදේශ කටයුතු ඇමති

විදෙස් නායකයන්ගේ පිළිරූවලට ඉන්දියාවේ ඉඩක් නොමැති බව ප්‍රාන්ත ස්වදේශ කටයුතු ඇමතිවරයෙකු වන හංස්රාජ් ගංගාරාම් අහිර් පවසා තිබේ.

ඔහු මේ බව පවසා තිබුණේ සඳුදා (05) දිනයේ දකුණු ත්‍රිපුරාහි පිහිටි නගරයක් වන බෙලොනියාහි පිහිටි ලෙනින් ප්‍රතිමාව භාරතීය ජනතා පක්ෂයේ ආධාර කරුවන් පිරිසක් විසින් කඩා බිඳ දැමීමට ප්‍රතිචාර වශයෙනි.

සඳුදා (මාර්තු 05) එම ලෙනින් ප්‍රතිමාව ගළවා ඉවත්කරන ලද්දේ භාරතීය ජනතා පක්ෂය 'ත්‍රිපුර' ප්‍රාන්ත මැතිවරණය ජය ගනු ලැබීමෙන් දින කීපයකට පසුවය.

මෙවර ප්‍රාන්ත මැතිවරණයේ දී වසර විසිපහක් බලයේ සිටි කොමියුනිස්ට්වාදීන්ට එහි පාලන බලය අහිමි විය.

ලෙනින් පිළිමය ගැලවීමේදී කොමියුනිස්ට්වාදීන් සහ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ආධාරකරුවන් අතර ගැටුම් සිදු වූ බවක් ද වාර්තා වේ.

විදෙස් නායකයන්ට අපේ රටේ ඉඩ නැහැ

හංස්රාජ් ගංගාරාම් අහිර් වැඩි දුරටත් පවසා ඇත්තේ " අපි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා. තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරනවා. නමුත් මම විදෙස් නායකයන්ගේ ප්‍රතිමා ඉන්දියාවට අවශ්‍ය නැහැ මම පැහැදිලිව කියන්න ඕනා. ඔවුන්ට අපේ රටේ ඉඩක් නැහැ"

එසේම ඔහු පවසා ඇත්තේ ඉන්දියාව මහත්මා ගාන්ධි, ස්වාමි විවේකානන්ද, අම්බෙඩ්කාර් වැනි මිනිසුන්ට ආඩම්බර විය හැකි දැවැන්ත ප්‍රතිරූප නිර්මාණය කර තිබෙන බවයි.

ලෙනින් පිළිමයේ හිස කඳින් වෙන් කරලා

ත්‍රිපුර ප්‍රාන්ත පාලන බලය අහිමි වූ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ 'තපස් දත්තා' 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට අදහස් දක්වමින් ලෙනින් පිළිමය බිම දැමූ පුද්ගලයන් එහි හිස කඳින් වෙන්කරන ලද බව සිද්ධිය දුටු පුද්ගලයන් කියා සිටින බව පවසා තිබේ.

ඉන්දියාවේ වාමාංශික බලය සහිත ප්‍රාන්ත වූ බටහිර බෙංගාලය, කේරලය, ත්‍රිපුරා යන ප්‍රදේශවල ලෙනින්, මාවෝ සේතුං, මාක්ස් වැනි වාමාංශික නායකයන්ගේ පිළිරු ඉදිකර තිබුණි. ඒ අතරින් දැනට වාමාංශික පාලනයක් පවතින්නේ කේරළ ප්‍රාන්තයේ පමණි.

lenin statue

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න