කිම් ජොන් සහ ට්‍රම්ප් අතර හමුව ස්ථීරයි

කිම් ජොන් සහ ට්‍රම්ප් අතර හමුව ස්ථීරයි

උතුරු කොරියානු නායක කිම් ජොන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව මේ වසරේ මැයි මාසයේ පැවැත්වීමට තීරණය ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ දකුණු කොරියානු දූත පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් පසුවයි. දකුණු කොරියානු දූත කිම් ජෝන්ග් අවි හරණයට කැමැත්ත පළකර ඇති බව ට්‍රම්ප් වෙත දැනුම් දී ඇතැයි වාර්තා විය . එයට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් ඔහු හමුවීමට කැමැත්ත පළකර ඇති නමුත් මෙතෙක් උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් කර නොමැත.

උතුරු කොරියාව විසින්ද අවිහරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහිදී ඔවුන් පවසා ඇත්තේ කිම් ජෝන් න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට කැමැත්ත පළකර ඇති බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය සහ රුසියාව පවසා ඇත්තේ මෙය නිවැරදි මාර්ගයේ ගමන් කිරීමක් බවයි.

උතුරු- දකුණු සබඳතා යළිත්

උතුරු කොරියාව පසුගිය සමයේ නයෂ්ටික අත්හදා බැලීම් හයක් සිදුකර තිබු අතර ඒ අතරතුර ඔවුන් අනතුරු අඟවා තිබුණේ ඇමරිකාව වෙත ළඟා විය හැකි මිසයිල තම රට සතුව පවතින බවයි.

නමුත් දකුණු කොරියාවේ පැවති ශීත ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වයත් සමඟ දෙරට අතර සබඳතා යලි ශක්තිමත් විය. ඉන්පසු මේ සතියේදී කිම් ජෝන් සමඟ සාකච්චාවක් උතුරු කොරියාවේදී පැවැත්විණි. එම සාකච්චාවලින් පසු දකුණු කොරියාව නිවේදනය කළේ උතුරු කොරියාව අවි හරණයකට සූදානමින් සිටින බවයි.

 කෙසේවෙතත් කිම් ජොන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව සිදුවුවහොත් දෙරට අතර රාජ තාන්ත්‍රික සබඳතාවල මෙන්ම ලෝක ආරක්ෂාවේද සන්ධිස්ථානයක් සනිටුහන් වෙනු ඇති දේශපාලන විචාරකයෝ අදහස් පළකරමින් සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න