Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

බැතිමතුන් පිරිසක් තෙරපීමකින් මරුට

ජම්මු - කාෂ්මීරයේ මාතා වෛෂ්ණෝ දේවි සිද්ධස්ථානයේ සිදුවූ තෙරපීමකින් බැතිමතුන් පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශෝකය පළකර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් ශෝකය පළ කරන අතර ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන බවය.

මෙම දේවි සිද්ධස්ථානයේ සිදුවූ තෙරපීමෙන් බැතිමතුන් 12 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් සියලුදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව සඳහන්ය.

අලුත් අවුරුදු උදාවත් සමග බැතිමතුන් විශාල පිරිසක් එම සිද්ධස්ථානය වැදපුදා ගැනීමට පැමිණීම හේතුවෙන් තෙරපීම හටගන්නට ඇති බවට එරට බලධාරීන් සැක පළකර ඇත.