ISIS නායකයාව ඝාතනය කරලා : ඇමරිකානු විශේෂ බලකායේ වැඩක් !

ISIS නායකයාව ඝාතනය කරලා : ඇමරිකානු විශේෂ බලකායේ වැඩක් !

ඇමරිකානු විශේෂ බලකායේ සෙබළුන් අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයාව ඝාතනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ඒ සිරියොවේ වයඹ දෙසින් පිහිටි ඉඩලිව් ප්‍රදේශයේදීය.

අද (03) පෙරවරුවේ දියත් කළ ත්‍රස්ත මර්ධන විශේෂ මෙහෙයුමකදී අයි එස් අයි එස් නායක අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව ඝාතනය කිරීමට හැකි වූ බව ඇමරිකා එක්සත් ජනපදය රාජ්‍ය දෙපාර්තමේන්තු තහවුරු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලොව වැඩියෙන්ම අවශ්‍ය කර තිබූ ත්‍රස්ථ නායකයෙකු වන අබු ඊබ්‍රහිම් අල් හෂ්මි අල් කුරේෂිව නම් කළ තිබූ අතර 2019 වර්ෂයේදී අයි එස් අයි එස්නායක අබු බකාර් අල් බග්දාදිව ඝාතනය කිරීමෙන් පසු අයි එස් අයි එස් සංවිධානයේ නායකත්වට පත්ව විය.

ඇමරිකානු රජය පවසන අන්දමට මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊට ළමුන් හයදෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකුද ඇතුලත් බවත් වාර්තාවේ.

පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන කර්බි ප්‍රකාශ කර සිටියේ මෙහෙයුම ඉතා සාර්ථක බවත් එහිදී කිසිදු ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

මෙහෙයුම සම්බන්ධනේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ලෝකය වඩාත් යහපත් ස්ථානයක් කිරීමට මෙම මෙහෙයුම් දියත් කළ බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න