ඇමරිකානු කතක් ඒඩ්ස් පරදවයි !

ඇමරිකානු කතක් ඒඩ්ස් පරදවයි !

ඇමෙරිකාවේ එච්.අයි.වී ඒඩ්ස් අසාදිත කාන්තාවක් සුවය ලබා තිබේ.

ඒ කඳ සෛල යොදා ගනිමින් කළ ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක වීමෙනි.

මෙම ප්‍රතිකර්මයෙන් එච්.අයි.වී වයිරසයෙන් සුවය ලැබූ ප්‍රථම ඇමෙරිකන් කාන්තාව වන්නේ මැයයි. එමෙන්ම ගෝලීය වශයෙන් ච්.අයි.වී වයිරසයෙන් සුවය ලැබූ තෙවැනියා වන්නේ ඇයයි.

මෙම කාන්තාව ලියුකේමියා රෝගියෙකු බව ද පැවැසෙයි.

ලියුකේමියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා සිදුකළ ප්‍රාථමික සෛල සහ පෙකණි වැලෙන් ලබාගත් රුධිරය බද්ධ කර ඇති අතර, දායකයා ගේ රුධිර සෛල ස්වාභාවිකවම එච්.අයි.වී වයිරසයට ප්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් රෝගය සුව වී ඇතැයි වෛද්‍යවරු පවසති.

මාස 14 කාලයක සිට ඒඩ්ස් රෝගයෙන් නිදහස් වී ඇති මැදි වයසේ පසුවන මෙම කාන්තාවට තවදුරටත් එච්.අයි.වී ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන බව වෛද්‍යවරු පවසති.

(රොයිටර් පුවත් ඇසුරෙන් ලංකාදීප )

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න