Language Switcher

V2025

අවුන් සාන් සුචීට වසර 5ක සිර දඬුවමක්

බලයෙන් පහ කළ මියන්මාර නායිකා අවුන් සාන් සුචීට එරට අධිකරණයකින් දූෂණ චෝදනා මත වසර 05 ක සිර දඬුවමක් නියම කෙරිණ.

මේ වන විට 76 වන වියෙහි පසුවන නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුචීට එරෙහිව නඩු 11 ක් පවරා තිබේ.

ඉන් පළමු නඩු විභාගයේ තීන්දුව ලෙස ඇයට එලෙස වසර 05 ක සිර දඬුවම් නියම කෙරිණ.

පසුගිය පෙබරවාරී මස පළමු වැනිදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ පාලනය හමුදාව යටතට ගැනීමත් සමග විවිධ චෝදනා යටතේ ඇයට එරෙහිව නඩු පවරා තිබේ.