දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳීසිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත ..
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය මහජන ගෞරවයට තබා ඇත්තේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේය.
දේහයට ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස් හේතුවෙන් කිලෝ මීටර් ගණනක් දුරට පෝලිම් දකින්න ලැබේ. දස දහස් ගණනක් අව්ව වැස්ස නොතකා පෝලිම්වල සිටින බව වාර්තා වේ.
එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව සංවේදී වූ බව ද පැවැසෙයි. "එතුමිට මා ආදරෙයි. ඒක ඇත්තට සංවේදී අවස්ථාවක්' යැයි වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටවෙද්දී බෙකම් මාධ්‍ය හමුවේ පැවැසීය.
-රොයිටර්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
