ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
JN.1 ලෙස නම් කර ඇති මේ කොවිඩ් ප්‍රභේදය පසුගිය සෙනසුරාදා පළමුවරට ප්‍රකාශයට පත් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
නව ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ මීට පෙර කොවිඩ් ආසාදනයට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකගෙන් බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.
මේ වන විට එම ප්‍රාන්තයේ JN.1 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 1,324 දෙනකු හඳුනාගෙන ඇතැයිද, පසුගිය දින දෙක ඇතුළත කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වී ඇතැයිද ප්‍රාන්ත මාධ්‍ය සඳහන් කර ඇත.
මේ මරණ වාර්තා වීමත් සමඟ කේරළ ප්‍රාන්තයේ පනූර් සහ කන්නූර් දිස්ත්‍රික්ක තුළ කොවිඩ් නීතිරෙගුලාසි පනවා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.
නව කොවිඩ් ප්‍රභේදය මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවෙන් සහ චීනයෙන් හඳුනාගත් ප්‍රභේදයක් බවද වාර්තා වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
