92ක් වයස මහතීර් මලයාසියාව දිනයි

92ක් වයස මහතීර් මලයාසියාව දිනයි

මලයාසියානු මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ජයග්‍රහණය කර ඇත.

මලයාසියානු මැතිවරණ කොමිසම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇත.
මලයාසියාවේ රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි.

92 හැවිරිදි මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමින් වන අතර ඒ අනුව මහතිර් මොහොමඩ් අද (10)  දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

රාජ්‍ය අරමුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සොරකම් කළ බවට මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට චෝදනා එල්ල වන අතර මෙය පාලක පක්ෂයේ පරාජයට බලපෑ ප්‍රධාන හේතුව වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත.

2013 වසරේදී පැවති මැතිවරණයේදී මලයාසියානු විපක්ෂයට විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවත් රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුයේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න