මැලේසියාවේ පැරදුණු අගමැතිට රටින් පිටවීම තහනම් වෙයි !

මැලේසියාවේ පැරදුණු අගමැතිට රටින් පිටවීම තහනම් වෙයි !

මැලේසියාවේ පසුගියදා පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මන්සූර්ට රටින් පිටවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැලේසියාවේ ආගමන - විගමන දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ලවී තිබෙන මුල්‍ය අක්‍රමිකතා චෝදනා ඊට හේතුවී ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා කර තිබෙන ආකාරයට හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් අද (12) විදෙස් ගතවීමේ අපේක්ෂාවෙන් සිටියත් රජයේ බලධාරීන් එය වලක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න