මිචිගන් කිතුණු දේවස්ථානයක වෙඩි තැබීමක්; 4ක් නසී; දේවස්ථානයත් ගිනිබත්

මිචිගන් කිතුණු දේවස්ථානයක වෙඩි තැබීමක්; 4ක් නසී; දේවස්ථානයත් ගිනිබත්

එක්සත් ජනපදයේ, මිචිගන් (Michigan) හි කිතුණු දේවස්ථානයකට මෝටර් රථයකින් කඩා වැදුණු පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීමකින් සහ දේවස්ථානයට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

වෙඩි වැදීමෙන් අට දෙනකුවත් තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෙඩි තැබීමෙන් අනතුරුව දේවස්ථානය ගිනි තැබූ සාහසිකයා, එහිදී ඇති වූ පොලිස් වෙඩි හුවමාරුවකදී ඝාතනය විය.

වෙඩි තැබීම සිදු කළ තැනැත්තා 40 හැවිරිදි, හිටපු ඇමෙරිකානු නාවුක සෙබළකු වන තෝමස් ජාකොබ් සන්ෆෝර්ඩ් ( Thomas Jacob Sanford) නම් අයකු බව හඳුනාගෙන තිබේ.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය අතර ගිනි තැබූ දේවස්ථානය තුළ තිබී දැවී ගිය තවත් මළ සිරුරු දෙකක් හමු වූ බව පොලිසිය සඳහන් කරයි.

සාහසිකයා දේවස්ථානයට කඩා වදින විට සියයකට අධික පිරිසක් ඒ තුළ රැස්ව සිටි බව වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව සොයා ඔහු සතු නිවස සහ ජංගම දුරකථනය ද පරික්ෂා කරන බව පොලිසිය කියයි.

ඔහු, 2004-2008 කාලයේ ඇමෙරිකානු නාවුක කොමාන්ඩෝ භටයකු මෙන්ම ඉරාක යුද්ධයේ දස්කම් පෑ ප්‍රවීණයකු බව ද වාර්තා වේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/29/2025



Shooter kills at least four, wounds eight at Michigan church

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න