Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ජෝර්ජියානු විරෝධතාකරුවන්ට පොලිසියෙන් ගම්මිරිස් ප්‍රහාරයක්

ජෝර්ජියානු ජනපති මදිරය ඉදිරියේ ඊයේ (04) කළහකාරී ලෙස හැසිරුණු විරෝධතා කරුවන් පළවා හැරීමට එරට කැරළි මර්ධන පොලිසිය 'ගම්මිරිස්' සහ ජල ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවන් 5දෙනකු පොලිස් අත්අඩංගුවට පත් විය. එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවති ඊයේ දිනයේ, විපක්ෂය විසින් දැවැන්ත උද්ඝෝෂණ රැළියක් සංවිධානය කර තිබිණි.

මිලියන 3.7ක ජනගහනයෙන් යුත් දකුණු කොකාසස් (Caucasus) ප්‍රාන්තයේ සියළු නගරසභා බලය දිනාගත් බව පාලක 'ජෝර්ජියානු සිහිනය' (Georgian Dream) පක්ෂය පැවසීය. එරට ප්‍රධාන විපක්ෂ දෙකම මැතිවරණයට සහභාගී වීමෙන් වැළකී සිටියහ.

මැතිවරණය අවසන් වීමට සුළු වෙලාවකට පෙර විරෝධතාකරුවන් පිරිසක් ටිබිලිසි (Tbilisi) අගනුවර පිහිටි ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජියානු පාලක පක්ෂය, රුසියානු ගැති ඒකාධිපතිවාදී රජයක් පවත්වාගෙන යන බවට ඔවුහු චෝදනා එල්ල කරති.

රජය පලවා හැරීම පිණිස බටහිර පක්ෂපාතී විපක්ෂ සන්ධානය පසුගිය වසරේ ඔක්තෝබරයේ සිට උද්ඝෝෂණ වල නියැලෙමින් සිටී. පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය, මැතිවරණ වංචාවක් බව ඔවුහු කියා සිටිති. මේ අතර, ඡන්ද මංකොල්ලයක් පිලිබඳ පාලක පක්ෂයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂ කියා සිටී.

බිඳී ගිය සෝවියට් සංගමයේ අළු මතින් නැගී සිටි බටහිර ගැති රාජ්‍යයක් වූ ජෝර්ජියාවේ එම සබඳතා, 2022 වසරේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග දෙදරා ගියේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/5/2025

Georgian police clash, detain protesters as ruling party says it won local elections