රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක අද (17) සිදු වූ පිපිරීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව, 12 දෙනකු තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.
පිපිරීමෙන් අසල පාසලකට ද හානි සිදු වී ඇත.
පිපිරීමත් සමග ගොඩනැගිල්ලේ මහල් දෙකක් මුළුමනින්ම ඇද වැටී, අනෙකුත් මහල් ද විනාශ ව තිබේ.
අනතුර සිදු වූ ස්ථාන වෙත වහා හදිසි සේවා කැඳවා තිබේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.
එරට, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 6,295ක් පමණ සේවයේ යෙදී සිටින බව රුමේනියා ජර්නල් (Romania Journal.ro) වෙබ් අඩවිය සඳහන් කරයි.
අනතුරට පත් පිරිස් අතර ශ්‍රී ලාංකිකයින් වන බවට මෙතෙක් අනාවරණය වී නැත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)