වියට්නාමයේ ජල ගැලීම් : 13ක්  බිලි ගනී;  11ක් අතුරුදන්; සංචාරක ව්‍යාපාරයටත්  බාධා !

වියට්නාමයේ ජල ගැලීම් : 13ක්  බිලි ගනී;  11ක් අතුරුදන්; සංචාරක ව්‍යාපාරයටත්  බාධා !

මධ්‍යම වියට්නාමයේ ඉකුත් දින කිහිපයේ පැවති තද වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 13 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. පුද්ගලයින් 11 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති.


මේ වන විට, ජල ගැලීම් ක්‍රමයෙන් පහව යමින් ඇති බව රජය පවසයි.

යුනෙස්කෝ ලෝක උරුම අතරේ එන මධ්‍යම වියට්නාමයේ ඉපැරණි  හොයියැන් (Hoi An) සහ හ්වේ (Hue) වෙරළබඩ නගර එම ජල ගැලීම් හේතුවෙන් බරපතල හානියට පත් විය. බොහෝ නිවෙස්, වහල තෙක් ජලයෙන් යට වී තිබේ. හ්වේ නගරය එරට ඓතිහාසික රාජධානි අගනුවර ලෙස සැලකේ. හොයියැන්, 15 වන ශත වර්ෂයේ සිට 19 වන ශත වර්ෂය තෙක්, අග්නිදිග ආසියාවේ සුප්‍රකට වාණිජ වරායක් විය.

ජල ගැලීම් හේතුවෙන්, බොහෝ විදෙස් සංචාරකයින් විසින්  එහි සිය සංචාර අවලංගු කර තිබේ. ඉකුත් වසරේ එහි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 4.4 ඉක්මවීය. ඉන්, මිලියන 3.6ක්ම  විදෙස් සංචාරකයෝ වූහ.

වියට්නාමය නිරන්තරයෙන් දරුණු  සුළි කුණාටු සහ වර්ෂාපතනයන්ට බිලි වන රටකි. එම සෑම අවස්ථාවකදීම විශාල දේපළ හානි වාර්තා වේ. වාර්ෂිකව, ජුනි සිට ඔක්තෝබර දක්වා කාලය එරට දරුණු සුළි කුණාටු සමය යි.

ජලගැලීම් හේතුවෙන් මධ්‍යම වියට්නාමයේ නිවාස එකක  116,000කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශව පවතී. හෙක්ටයාර 5000කට අධික වගාබිම් ද සහමුලින් වැනසී ඇත. අධික වර්ෂාවෙන් හටගත් ජල  ගැලීම්වලින් ප්‍රවාහන සහ දුම්රිය  මාර්ග පද්ධතියටද දැඩි අලාභහානි සිදුව තිබේ. ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇතැයි ද වාර්තා වේ.

හෙට පස්වරුව තෙක්, මධ්‍යම වියට්නාමයේ ස්ථාන රැසක් වෙත මි.මී. 500 ඉක්මවන අඛණ්ඩ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.



(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/31/2025


Vietnam flood death toll rises to 13, with 11 others missing


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න