චීනය අද (25) ෂෙන්ශු - 22 (Shenzhou-22) අභ්‍යවකාශ යානය දියත් කළේය. එය මිනිසුන් රහිත යානයක් සේ අභ්‍යවකාශ ගත කෙරිණි.
උඩු ගුවනේ රඳවා ඇති චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය යළි පෘථිවිය වෙත ගෙන්වා ගැනීමත්, මිනිසුන් සහිත එරට අභ්‍යවකාශ වැඩසටහන යාවත්කාලීන කිරීමත් එහි අරමුණ වේ. මෙම මස මුළ, එහි පිටත් කළ, ෂෙන්ශු -20 යානය කාර්මික දෝෂයකට ලක් විය. නව දියත් කිරීම, එය යථාවත් කිරීමේ එක් පියවරකි.
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, "දිව්‍ය විමානය" හෙවත් ත්‍යෙන්ගොඞ් (Tiangong) යනුවෙන් නම් කර තිබේ.
ඒ අනුව ෂෙන්ශු - 22 යානය මගින් ත්‍යෙන්ගොඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වූ ෂෙන්ශු - 21 (Shenzhou-21) යානය ප්‍රතිස්ථාපනය කෙරේ.
ගගනගාමීන් තිදෙනකු සහිතව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවූ ෂෙන්ශු - 20 යානය, එහිදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් අනතුරුව ෂෙන්ශු - 21 යානය නියමිත කාලසටහනට සය මසකට පෙර ආපසු පෘථිවිය වෙත කැඳවීමට සිදු විය. ෂෙන්ශු - 21 යානයට, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය කල් තියා හැර යාමට සිදුවීමෙන්, එම මධ්‍යස්ථානයේ දීර්ඝ කාලීනව කාර්යයේ නියුතු ගගන ගාමීන් තිදෙනාට දින 10 ක පමණ කාලයකට අපහසුතාවට ලක් වීමට සිදු විය.
එනම්, ෂෙන්ශු - 21 යානය, කක්ෂ ගත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මිදී සිටි කාලය තුළ, එම මධ්‍යස්ථානයට යම් හදිසි තත්ත්වයකට මුහුණ පෑමට සිදු වූයේ නම්, එහි මෙහෙයුම් භාරව දීර්ඝ කාලීනව රැඳී සිටින අභ්‍යවකාශගාමීන් තිදෙනාට එය හැර යාමේ සියලු ක්‍රමවේද අහිමි වී යාම ය.
2022 වසරේ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පූර්ණ මෙහෙයුම් ක්‍රියාවලියට එක් වීමෙන් අනතුරුව එය මුහුණ පෑ බරපතලම අභියෝගය මෙය ය.
අද ෂෙන්ශු - 22 යානය යළි ඒ වෙත පිටත් කර හැරීමත් සමග එම අන්තරායය සමනය වේ. එම යානය, වයඹදිග චීනයේ, ජ්‍යුශ්වෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (Jiuquan Satellite Launch Center) මුදා හැරිණි.
චීන ගගනගාමීන් තිදෙනා මේ වන විට, එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දීර්ඝ කාලීනව රැඳී සිටිති. ඔවුන්ගේ ආගමනය පිණිස, ෂෙන්ශු - 22 යානය මිනිසුන් රහිතව ඒ වෙත පිටත් කර හැරීමට කටයුතු කෙරිණි.
හානියට පත් ෂෙන්ශු - 20 යානය පැසිෆික් සාගරයට ඉහළින් කක්ෂයෙන් මුදා හැරීම වඩාත් යෝග්‍ය බව විද්‍යාඥ මතය විය.
චීනයේ මිනිසුන් සහිත මීළඟ අභ්‍යවකාශ වැඩසටහන ලබන වසරේ අප්‍රේල් මස සිදු කිරීමට නියමිතය. එය ෂෙන්ශු - 23 මෙහෙයුම යනුවෙන් නම් කර තිබේ.
මෙම මස මුළ, ෂෙන්ශු - 20 යානය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් එහි පැමිණි ගගන ගාමීන් තිදෙනා සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දීර්ඝ කාලීනව රැඳී සිටි ගගනගාමීන් තිදෙනා ඇතුළු අභ්‍යවකාශගාමීන් 6 දෙනකුට දින 9ක අතිරේක කාලයක් එහි රැඳී සිටීමට සිදු විය. එම අභියෝගය හේතුවෙන්, ත්‍යෙන්ගොඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සිය උපරිම ධාරිතාව වන ගගනගාමීන් සය දෙනකු සහිතව නියමිත කාලයට වැඩි කලක් කක්ෂයේ රැඳී සිටීමට සිදු විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/25 /2025

