ලිතුවේනියානු ගුවන් අවකාශයේ පවතින බැලුන් තොගයක් හේතුවෙන් එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එරට රජය පැවසුවේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බෙලරුස් සිට දියත් කරන ලද බැලුන් තොගයක් එලෙස එරට ගුවන් අවකාශයේ පවතින බවයි.
බෙලරුස් සිට ලිතුවේනියාවට හොර රහසේ දුම් වැටි වැනි භාණ්ඩ ප්‍රවාහනයට එම බැලුන් යොදා ගන්නා බව බලධාරීන් පැවසුවේය.
ලිතුවේනියානු බලධාරීන් පවසන්නේ මෙම තත්ත්වය එරට ආරක්ෂාවට බරපතල ගැටළුවක් බවයි.
මේ හේතුවෙන් එරට විල්නියස් ගුවන් තොටුපලේ මෙහෙයුම් නැවැත්වීමට සිදුවී ඇති අතර, තවත් ගුවන් ගමන් කිහිපයකට බාධා ඇති වී තිබේ.
(News 1st)
Lithuania declares emergency situation over Belarus balloons
Lithuania declares state of emergency over balloons from Belarus

