'ඩෙන්මාර්ක ආරක්ෂාව තර්ජනයේ' - බුද්ධි වාර්තාවක් කියයි

'ඩෙන්මාර්ක ආරක්ෂාව තර්ජනයේ' - බුද්ධි වාර්තාවක් කියයි

ඩෙන්මාර්කයේ ඉදිරි ආරක්ෂාව  මීට පෙර නොවූ පමණේ දැඩි බාහිර තර්ජනයන්ට ලක්ව ඇති  බව, එරට හමුදා බුද්ධි ඒජන්සිය  පවසයි.

යුරෝපයේ ආරක්ෂාව උදෙසා එක්සත් ජනපදයේ සැක සහිත  ක්‍රියා කලාපය සහ සීග්‍රයෙන්  වර්ධනය වන භූ-දේශපාලන අර්බුද ඊට හේතුවයි.

"ලෝක බලවතුන් සිය ඔනෑ එපාකම් මත මූලිකත්ව නිර්ණයේ  යෙදී සිටී. ඔවුහු බලය යොදා සිය ඉලක්ක සාක්ෂාත් කර ගනිති, " යනුවෙන් ඩෙන්මාර්ක හමුදා බුද්ධි ඒජන්සිය, සිය  වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙයි. ඩෙන්මාර්කයට අභියෝගයක් වන රටවල් අතර  රුසියාව සහ චීනය ද  වන බව එහි සඳහන් ය.

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය, ආරක්ෂක තත්ත්වයේ වර්ධනය කෙරෙහි තදින්  බලපා තිබේ. යුරෝපා රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ වගවීම සම්බන්ධයෙන් ද ගැටළු මතුව ඇත. ඒ හේතුවෙන්, නැටෝ සාමාජික රටවලට එරෙහි රුසියානු අභිමතයේ දෙමුහුන් ප්‍රහාරවල  වර්ධනයක් දක්නට ලැබේ.

වත්මන, ඩෙන්මාර්ක රාජ්‍යයට එරෙහි නිත්‍ය ප්‍රහාරයක් පිලිබඳ අවදානමක්  නොපැවතිය ද, ඉදිරියේ දී නැටෝ සාමාජිකත්වයට එරෙහි රුසියානු ප්‍රහාර වර්ධනය වනු ඇතැයි, එම බුද්ධි වාර්තාව පෙන්වා දෙයි.  


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න