'යේමන බෙදුම්වාදී නායකයා පලා ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උදව්වෙන්' - සෞදි අරාබිය

'යේමන බෙදුම්වාදී නායකයා පලා ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උදව්වෙන්' - සෞදි අරාබිය

දකුණු යේමනයේ බෙදුම්වාදී කැරළි නායක අයිඩාරස් අල්-සුබෙයිදී ට බෝටුවකින් පලායාමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහාය දී ඇතැයි, සෞදි අරාබි සන්ධානය පවසයි.

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උද්ගත රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට විසඳුම් සොයා කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වීම පිණිස ඉකුත් 7 දා, රියාද් බලා පියාසර කිරීමට නියමිතව සිටියදී ඔහු පලා ගියේය. ඔහු යේමනයේ දක්ෂිණ සංක්‍රාන්ති සභාව (STC) නම් බෙදුම්වාදී සංවිධානයක නායකයා වේ.

ඔහු, ගුවන් යානය මග හැර සන්නද්ධ පිරිසක් හා පලා ගිය බවට ද තතු පළ වූ අතර එම පිරිස සැහැල්ලු සහ මධ්‍යම අවි වලින් සන්නද්ධ පිරිසක් බව ද වාර්තා විය. දකුණු යේමනය සහ ඒඩෙන් වරාය හරහා ඔවුන් යේමන-සෞදි දේශ සීමාව වෙත පිවිසීමට උත්සාහ දරා ඇත. එය සෞදි අරාබියේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව එරට රජය පැවසීය. ඒඩෙන් වරාය වෙත වහා සෞදි සන්නද්ධ හමුදා සන්ධාන පිටත් කර හැරිණි.

සෝමාලියාව වෙත පලා ගිය බෙදුම්වාදී නායකයා එහිදී මොගඩිෂූ බලා පිටත්වීමට නියමිතව තිබී, පසුව අබු ඩාබි හමුදා ගුවන් තොටුපොළක් වෙත හරවා යැවුණු ගුවන් යානයකින් පිටත් වී ඇතැයි ද වාර්තා විය.

සෝමාලියා භූමිය දේශපාලන රැකවරණ සොයා පලා යන්නන් විසින් භාවිතා කළේ දැයි විමර්ශන සිදු කරන බව එරට රජය කියා සිටී. එසේ සිදුව ඇත්නම්, එය ජාතික ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කරන්නක් බව, සෝමාලියා ආගමන හා පුරවැසි ඒජන්සිය සඳහන් කරයි.

සෞදි රජයේ සහාය ලබන යේමන හමුදා විසින් ඊයේ (8), ඒඩෙන් වරායේ සහ නගර වීදි සියල්ලේ ආරක්ෂාව තර කර තිබූ බව, Reuters පුවත් සේවය පවසයි. එහි දක්ෂිණ සංක්‍රාන්ති සභාවට අයත් කිසිදු හමුදා සාමාජිකයකු නොවූ බව ද එම පුවත් සේවය සඳහන් කරයි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Saudi coalition says separatist leader fled Yemen with UAE help, advances to Aden

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න