ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය වෙතින් අද (9) දැඩි කුණාටු සහිත කාලගුණයක් වාර්තා විය. එය ගරෙටී (Goretti) සුළි කුණාටුව ලෙස නම් කර තිබේ. කුණාටුව හේතුවෙන් උතුරු යුරෝපීය කලාපයේ නිවාස සිය දහස් සංඛ්‍යාවකට විදුලිය බිඳ වැටී පවතී.
ප්‍රංශයේ පමණක් නිවාස එකක 380,000ක් වෙත විදුලිය ඇණහිට තිබේ.
වයඹදිග ප්‍රංශයේ රාත්‍රිය පුරා සුළඟේ ගැස්ම පැයට කි.මී.150ක් බව වා ර් තා විය. බාර්ෆ්ලර් හි එය පැයට කි.මී.213ක් විය. පැරිසිය සහ නොර්මැන්ඩි කලාපය අතර සියළු දුම්රිය සේවා අත්හිටුවා ඇත.
බ්‍රිතාන්‍යයේ නිවෙස් ඒකක 57,000ක් අඳුරේ පවතී. කුණාටුව හේතුවෙන් එරට උග්‍ර හිමපතනයක් ද වා ර් තා වේ.
ස්කොට්ලන්තයේ සහ මධ්‍යම එංගලන්තයේ පාසල් සිය ගණනක් වසා දැමීමට පියවර ගෙන තිබේ. දුම්රියෙන් ගමන් නොකරන ලෙස මගීන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඇතැම් දුම්රිය සේවා අත්හිටුවා තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/9/2026
(
Hundreds of thousands without power as Storm Goretti hits France, Britain
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
