ඉන්දියාව උග්‍ර ජල හිඟයක් අභිමුව !

ඉන්දියාව උග්‍ර ජල හිඟයක් අභිමුව !

ඉතාම නුදුරු කාලයකදී ඉන්දියාවට ඉතිහාසයේ දරුණුතම ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඉන්දීය රජය වෙනුවෙන් සකස්කර ඇති  එම අධ්‍යයන වාර්තාවට අනුව ඉන්දියාවේ  මිලියන 600ක ජනතාවක් එම  ජල හිඟයට සෘජුව  මුහුණදෙනු ඇති අතර මේ වන විටත් ජාල හිඟය හේතුවෙන් පීඩාවට පත්වන ප්‍රදේශ මේ හමුවේ බරපතල අවධානමකට ලක්වනු ඇති බවද එහි සඳහන්ව ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිවීමෙන් වාර්ෂිකව ඉන්දීය ජනගහණයෙන් දෙලක්ෂයකගේ ජීවිත අහිමි වන තත්ත්වයක් ඇති බවත් ඒ   හේතුවෙන් මීට කඩිනම් විසඳුම් සකස් කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුකරවන්නටද එම වාර්තාව නිර්දේශ කර ඇත.

ගෝලීය ජල සම්පත්වලින් සියයට 04ක් ඉන්දියාව සතුවුවත් ලෝක ජනගහණයෙන් සියයට 16 ක් තරම් අති විශාල ජනගහණයක් එරට සතුවීම හේතුවෙන් පවතින ජල සම්පත් පවා බෙදා හැරීමේ දුෂ්කරතා පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න