2022 ඇති වූ අරගලකාරි අවස්ථාවේදී නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළ කඳුළු ගෑස් විදිනය මුදා හරින ලෙස කොල්ලුපිටිය පොලිසිය සිදු කළ ඉල්ලීම නිසි පරිදි නැවත සිදු කරන ලෙස කෙටුව මහේස්ත්‍රාත් පසන් අරසේන දැනුම් දුන්නා.
පසුගිය අරගලකාරි අවස්ථාවේ දී කඳුළු ගෑස් විදිනයක් භාවිතා කළ අවස්ථාවේ දී එය පුපුරා උපපොලිස් පරීක්ෂකවරයෙක් මිය යෑමේ සිද්ධියට අදාළ නඩු භාණ්ඩය මහජන සාමය කළමණාකාරණ මධ්‍යස්ථානයට මුදා හරින ලෙස කොල්ලුපිටිය පොලිසිය මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කරා.
එහි දී එම කොට්ඨාසයෙන් ඉල්ලීමට අදාළ ලිපියක් තිබේද යන්න මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලීසියෙන් විමසා සිටි අවස්ථාවේ දී ලිපියක් ඉදිරිපත් කර නැති බවට කළ දැනුම් දීමෙන් පසුව එම ලිපිය සහිතව ඉල්ලීම සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
