2026 ජූලි 5 සහ ජූලි 6 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති අතර‚ එය අපරාධ ස්ථානයක් බවට ද සැලකේ. එහෙයින් එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇත.
එසේ හෙයින් විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමට ද, රැඳවියන්ගේ ආරක්ෂාව සැලැස්වීමට ද‚ විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට ද හැකි වන පරිදි මෙම පරිශ්‍රයේ රඳවා සිටි රැඳවියන් බොහෝමයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍ර වෙත තාවකාලිකව මාරු කිරීම සිදු කර ඇත.
එසේම‚ දැනට පවත්වා ගෙන යනු ලබන බන්ධනාගාරවල සිර ඝනත්වය සහ රැඳවියන් ගේ සුබසාධනය සලකමින් පවතින බන්ධනාගාරවලට වැඩිමනත් ලෙස, තාවකාලික පදනමින් වෙනත්, සුදුසු පරිශ්‍ර වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ අවශ්‍යතාවය පැන නැඟී ඇත.
එබැවින්‚ මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තුරු, තාවකාලික පදනමින් "මහමෝදර" සහ "පැරණි බෝගම්බර" පරිශ්‍ර බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාර ලෙස පිහිටුවීමට නියමයන් නිකුත් කොට ඇත.
මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
