Image

"රතුවේවි මිහිමඩල" ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමිය ගේ සහභාගීත්වයෙන් එළිදකී

"රතුවේවි මිහිමඩල" ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමිය ගේ සහභාගීත්වයෙන් එළිදකී

ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ගේ ජීවිත කථාව ඇසුරින් ලියැවුණු "රතුවේවි මිහිමඩල" ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 28 වන දින කොළඹ පදනම් ආයතනයේ දී සිදුකළේ ය.

අනතුරුව වාසුදේව නානායක්කාර පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  "වාසුදේව නානායක්කාර ශ්‍රී ලාකික දේශපාලනයේ චරිතයක්, විශේෂයෙන් වාමාංශික දේශපාලනය තුළ බලවත් චරිත කිහිපයක් ම තිබුණා.  ඒ වාමාංශික බලපෑම රට අද මෙතැනට ගේන්නත් හේතුවක් වුණා. දේශපාලනිකව අපි එකඟ වුණු තැන් තිබුණා නොවන තැන් තිබුණා. හැබැයි වාසුදේව කියන චරිතය වාමාංශික දෙශපාලනය වෙනුවෙන් කළ සේවයට ගෞරවයක් තියනවා. 2020 මම පාර්ලිමේන්තුවට එනවිට වාසුදේව සහෝදරයත් පාර්ලිමේන්තවේ හිටියා. අපි එකපේළියේ හිටියා ඔහු ගේ දේශපාලන දිවියේ වැදගත් වගේම රසමුසු තැන් කතා කළා. මම හිතනවා මේ ග්‍රන්ථයේත් ඒ පිලිබඳ සදහන්වෙලා ඇති"  යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

මෙම අවස්ථාවට මහාසංඝරත්නය, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය, චමල් රාජපකෂ ඇතුළු පාක්ෂිකයින් පවුලේ හිතවතුන් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 08 29 at 10.01.30 AM

WhatsApp Image 2026 08 29 at 10.01.27 AM

WhatsApp Image 2026 08 29 at 10.01.32 AM

WhatsApp Image 2026 08 29 at 10.01.29 AM

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න