පකිස්තානයේ බලය ඉම්රාන් ඛාන්ට !

පකිස්තානයේ බලය ඉම්රාන් ඛාන්ට !

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය මහ මැතිවරණයෙන් ජය ලබා ඇතැයි එරට මැතිවරණ කොමිසම අද (27) නිල වශයෙන් නිවේදනය කර ඇත. 

කෙසේ නමුත් තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය අසන 137 දිනාගැනීමට ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට නොහැකි වී තිබෙන අතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් පක්ෂයක් සමඟ සන්ධාන ගත වීමට සිදුවනු ඇත. 

නිකුත් කිරීමට ඇත්තේ තවත් ආසන 11ක ප්‍රතිඵල පමණක් බවත් නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව තරීක් ඊ ඉන්සාෆ් (පී.ටි.අයි) පක්ෂය ආසන 114ක් දිනාගෙන ඇති බවත් මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මේ අනුව පාකිස්තාන පාර්ලිමේන්තුවේ තනි විශාලතම පක්ෂය වනු ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂයයි. 

මැතිවරණ කොමිසම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය පක්ෂය  නවාස් (පී.එම්.එල්.එන්)’පක්ෂය ආසන 63ක් දිනාගෙන ඇති බවත් පාකිස්තාන ජනතා පක්ෂය (පී.පී.පී) ආසන 43ක් දිනාගෙන ඇති බවත් සඳහන් කළේය.

මේ අනුව පාකිස්තාන ජනතා පක්ෂය සන්ධාන ආණ්ඩුවක රජුන් තනන පක්ෂය වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න